අසාධ්‍ය තත්ත්වයේ පසුවන කණ්ඩලමේ හැඩකාරයා ඔබට ඉක්මන් සුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීමේ සටනක නිරතවන බව වාර්තා වේ.

ගීරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවීන් නිලධාරීන් කණ්ඩායම පසුගිය 03 වන දා සිදුකරන ලද ප්‍රතිකාර සමග වන අලියා කණ්ඩලම වැව් දියෙන් ගොඩට ගැනීම සඳහා ඔවුහු දැඩි වෙහෙසක් සහ උපක්‍රමශීලීව පියවර ගැනීම විශේෂත්වයකි ඒ අනුව පශු වෛද්‍ය කණ්ඩායම සහ වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක් දරමින් ජලයේ සිටි වන අලියා සිටුවා කොස් කැබලි පෝලිමට තබා ජලයෙන් ගොඩට ගෙන ප්‍රතිකාර කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වේ.

වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියාට දිගින් දිගටම ප්‍රතිකාර කළ ද ඔහුගේ පාදවලට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවය.

ඉදිරි පාද දෙකේම මේ වන විට තුවාල සිදුවී තිබෙන බවත් සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල දැක ගැනීමට කි වී තිබේ එම තුවාලවලට වෙනමම ප්‍රතිකාර කටයුතු සිදුකළ බවද වෛද්‍යවරුන් සඳහන් කර සිටී.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, ඉදිරියේ දී මෙම වන අලියාට දීගින් දිගටම ප්‍රතිකාර කටයුතු සිදුකිරීම අවශ්‍ය කරුණක් බවත් කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යම් මට්ටමකින් හොඳ අතට හැරෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...