ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් බලපෑමට ලක්ව තිබෙන අතර ආපදා මරණ 05ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මහනුවර, නුවරඑළිය,කෑගල්ල, මාතලේ සහ මාතර එලෙස බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක වෙයි.
කන්ඩි කඩා වැටීම හේතුවෙන් මරණයක් සිදුව තිබෙන අතර තවත් මරණ 4ක් නාය යෑමකට ලක්වීමෙන් මරණයට පත්ව තිබේ. තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන් බව දැක්වෙයි.
දිස්ත්‍රික්ක 05 තුළ පවුල් 769ක පුද්ගලයින් 2971ක් පීඩාවට පත්ව සිටින අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 09ක් පවත්වාගෙන යන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි කිසිවක් වාර්තා වී නැති අතර නිවාස 129කට අර්ධ හානි සිදුව ඇත.


