ගිනිගත් නෞකාව සතියකට පසු නෙදර්ලන්ත වරායට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෝටර් රථ 4,000ක් පමණ තිබූ ගිනිගත් නෞකාව නෙදර්ලන්තයේ වරායට ගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු මුහුදේ මෝටර් රථ 4,000කට ආසන්න ප්‍රමාණයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමෙන් සතියකට වැඩි කාලයකට පසු එම නෞකාව නෙදර්ලන්තයේ ඊසානදිග වරායට රැගෙන විත් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ, ජුලි 25 වන දින ගින්න හටගත් විට නෞකාව ජර්මනියේ Bremerhaven සිට ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇති අතර ,කාර්ය මණ්ඩලයේ සිටි විසි දෙදෙනෙක් දිවි ගලවා ගත් අතර එක් අයෙකු ගින්නෙන් මිය ගිය බවයි. ඔවුන්ගෙන් හත් දෙනෙකු ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මීටර් 200ක් දිග දිග පැනමාවේ ෆ්‍රෙමැන්ටල් මාර්ගයේ සතියකට ආසන්න කාලයක් ගින්න ඇවිලී ගොස් තිබූ අතර , තට්ටු 11 කින් යුත් නෞකාවේ ගින්නට හේතුව තවමත් නොදන්නා බවයි නෙදර්ලන්ත වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ , නෞකාවේ තිබූ මෝටර් රථ 3,783 න් 498 ක් විදුලි වාහන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...