(VIDEO):අවුරුදු දෙකට මෙහෙම නම් සැප්තැම්බර් 21 ජනතා වරමක් ලැබුණොත් කොහොම තියෙයිද?

Date:

කොළඹ LNW: වසර දෙකකට පෙර කඩ වැටුණු රටක් අද වන විට නිවැරදි මාර්ගයට පැමිණ ජනතාවට හුස්ම ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

කෙටි කාලයකින් වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සැප්තැම්බර් 21 ජනතා වරමින් පත්වී සියලු දෙනා එක්සත් කිරීමේ වැඩපිළිවෙලකට බැඳී සිටින බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

මේ මොහොතේ රටට අවශ්‍ය පරිණත නායකයෙක් වන අතර අත්හදා බැලීම් කළ නොහැකි බව හෙතෙම කියාසිටියි.

වසර 76ක නිදහසක් ගැන කතා කළද සැබෑ ලෙසම ආර්ථික නිදහසක් ලබා නැති බවත් ජනතාව සහ දේශපාලකයින් අතර විශ්වාසය කඩා වැටී ඇති බවත් එජාප ජාතික ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

දේශපාලන ගමන් මඟ තුළ නොයෙක් ප්‍රශ්න මතු වුවද රටක් හදන විට ඊට නායකත්වය දිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (04) වව්නියාවේදී පැවති වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායක හමුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...