(VIDEO):අවුරුදු දෙකට මෙහෙම නම් සැප්තැම්බර් 21 ජනතා වරමක් ලැබුණොත් කොහොම තියෙයිද?

Date:

කොළඹ LNW: වසර දෙකකට පෙර කඩ වැටුණු රටක් අද වන විට නිවැරදි මාර්ගයට පැමිණ ජනතාවට හුස්ම ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

කෙටි කාලයකින් වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සැප්තැම්බර් 21 ජනතා වරමින් පත්වී සියලු දෙනා එක්සත් කිරීමේ වැඩපිළිවෙලකට බැඳී සිටින බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

මේ මොහොතේ රටට අවශ්‍ය පරිණත නායකයෙක් වන අතර අත්හදා බැලීම් කළ නොහැකි බව හෙතෙම කියාසිටියි.

වසර 76ක නිදහසක් ගැන කතා කළද සැබෑ ලෙසම ආර්ථික නිදහසක් ලබා නැති බවත් ජනතාව සහ දේශපාලකයින් අතර විශ්වාසය කඩා වැටී ඇති බවත් එජාප ජාතික ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

දේශපාලන ගමන් මඟ තුළ නොයෙක් ප්‍රශ්න මතු වුවද රටක් හදන විට ඊට නායකත්වය දිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (04) වව්නියාවේදී පැවති වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායක හමුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...