තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

අදින්(05)2024 ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අවසන් වන අතර, 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්ද සදහා අයදුම්පත් කැඳවීමේ චක්‍ර ලේඛය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කළේය.

ඡන්ද අයදුම්පත්  සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතු අතර, තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බව මැතිවරණ කොමිසම පවසයි.

ඉදිරි වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්වුණු අතර, තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසයි. ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14 ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්