තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

අදින්(05)2024 ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අවසන් වන අතර, 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්ද සදහා අයදුම්පත් කැඳවීමේ චක්‍ර ලේඛය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කළේය.

ඡන්ද අයදුම්පත්  සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතු අතර, තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බව මැතිවරණ කොමිසම පවසයි.

ඉදිරි වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්වුණු අතර, තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසයි. ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14 ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...