දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදය අද

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (අගෝස්තු 05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත ය.

ඉන් අනතුරුව, එම යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනටමත් දැනුම් දී ඇති බවත් සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකිවන අතර යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කර යැවිය යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...