ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනාත්මක ප්‍රකාශයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත .

ඉන්දියාව රුසියාවෙන් විශාල වශයෙන් තෙල් මිලදී ගැනීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළඳපොළේ එම තෙල් අලෙවි කර විශාල ලාභ උපයන බව ‘ටෘත්’ සෝශල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එමෙන්ම රුසියානු ක්‍රියාකලාපය හේතුවෙන් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය යන්නේද යන්න ඉන්දියාවට ප්‍රශ්නයක් නොවන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.


ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, මේ හේතුවෙන් ඉන්දියාවට පනවන අමෙරිකානු තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට තීරණය කරන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තර්ජනාත්මක ප්‍රකාශය සිදුකර ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනටමත් සියයට 25ක තීරු බද්දක් පනවන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...