වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා…!

Date:

අශෝක ජයතුංග

අගෝස්තු 04 වොෂින්ටන් LNW :

ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව තුළ දියත් කරන භාවනා වැඩසටහන් එරට ඇමෙරිකානුවන් හා සෙසු ජාතීන් අතර ඉතා ප්‍රචලිතය. භාවනාවෙන් මනස සමබරවීම හා රෝග නිවාරණයට විශාල රුකුලක් ලැබෙන බවට විශ්වාස කෙරේ. විශේෂයෙන් වොෂින්ටන් DC මේරිලන්ඩ් හා වර්ජිනියා ප්‍රාන්ත වල ඊට ඇත්තේ දැඩි ඉල්ලුමක් මෙන්ම වටිනාකමකි.

මෙම භාවනා වැඩසටහන් සදහා මුලිකත්වය ගන්නේ ග්‍රේටර් වොෂින්ටන්හි පිහිටි භාවනා අසපුවය.මාතලේ අමිතඛෙිම, තලාවේ දමිතබෝධි හා කිරුලපන අමිතරේවත හිමිවරු ඇතුළු හිමිවරු හා ලාංකිකයන් එහි මුලිකත්වය ගනිති.
මෙවැනි භාවනා වැඩසටහනක් සදහා අවස්ථාව හිමිවන්නේ 100 කට පමණි. එහෙත් මෙම අගෝස්තු 09 සෙනසුරාදා පෙව 09 සිට 10.30 දක්වා වොෂින්ටන් Monumant උද්‍යානයේ පැවැත්වෙන විශේෂ එළිමහන් වැඩ සටහන සදහා 400 හෝ ඊට වැඩි පිරිසකට සහභාගීවීමේ අවස්ථාව සලසා තිබේ.

පළමුව පැමිණෙන 150 සදහා බිම වාඩිවන කොට්ට පහසුකම් සැපයීම ද සිදු තෙරේ. ඊට ඉහත සදහන් “යොමුව” ඔස්සේ ලියාපදිංචි වන්නේ නම් ඉතා පහසු බව ද දන්වා සිටී.
එරට වෙසෙන ලාංකිකයන් හා ශ්‍රී ලංකා තානාපති කාර්යලෙය ඇතුළු බෞද්ධ රටවල තානාපති කාර්යාල රැසක් මෙම කටයුතු වලට සහාය පළ කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...