පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

Date:

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය පසුගිය දිනවල දකුණු චීන මුහුදේ නිත්‍ය මුර සංචාර සිදු කර තිබෙනවා. ඒ පිලිපීනය විදේශ රටවල් කැඳවා “ඒකාබද්ධ මුර සංචාර” සංවිධාන කිරීමට ප්‍රතිචාර වශයෙන්.

පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශක ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළා.

එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමක් බවයි ඔහු පැවසුවේ. අදාළ විධානයේ හමුදා අංශ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව Tian Junli මහතා එහිදී පෙන්වා දුන්නා. චීනයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරමින් දකුණු චීන මුහුදේ සාමය කඩාකප්පල් කිරීමේ ඕනෑම හමුදා ක්‍රියාකාරකමක් නිසි පරිදි පාලනයට යටත්ව පවතින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් සම්මත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ...

මහා BYD බදු වංචාව : විමර්ශනවල අලුත්ම තත්වය ගැන ආර්ථික කටයුතු නි. ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

BYD වාහන මෙරටට ආනයනය කිරීමේදී මෘදුකාංගයක් භාවිතයෙන් මෝටර් ධාරිතාව...

ජපානයේ දිනක් තුළ වාර්තා වූ ඉහලම උෂ්ණත්වය අත්විඳියි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ උතුරු කන්ටෝ...