පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

Date:

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

පාතාලයට දේශපාලන රැකවරණය නොමති නිසා පාතාලය කැළඹී සිටින බවඩ් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

“ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයිනේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. පාතාලය කැලඹිලා තියෙනවා. පාතාලය කැලඹෙන්න ඕනේ. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා පාතාලය කැලඹිලා. පාතාල ක්‍රියාකාරකම්වල නියැලෙන අය අත්අඩංගුවට පත්වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊට නීතිමය රාමුව තුළ සීමාවන් තුළ අපි ලබාදෙනවා.”

ඔහු මෙම අදහස් පළකළේ චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බල සාකච්ජා අසාර්ථකයි. සාකච්ජාව අතරතුර වෘත්තීය සමිති නැගිට යයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය...

ග්‍රැමී සම්මානලාභී රචක බ්‍රෙට් ජේම්ස්, ගුවන් අනතුරකින් මරුට!

සටහන – පුලී සැප්තැම්බර් 20, කොළඹ (LNW): 2005 වසරේ ජනප්‍රිය...

පැනමාවෙන් මතු වූ අමුතු වස්තුව පිටසක්වල ජීවියෙක් ද? ටික්ටොක් ගිනිබත්කළ වීඩියෝවේ නොකී කතාව

පැනමාවෙන් මතු වූ අමුතු වස්තුව පිටසක්වල ජීවියෙක් ද? ටික්ටොක් ගිනිබත්කළ වීඩියෝවේ නොකී කතාව

සත්‍යයේ බර: නායකයෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට

සත්‍යයේ බර: නායකයෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට