ජපානයේ දිනක් තුළ වාර්තා වූ ඉහලම උෂ්ණත්වය අත්විඳියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ උතුරු කන්ටෝ කලාපයේ දකුණු ගුන්මා ප්‍රාන්තයේ පිහිටි ඉසෙසාකි නගරයේ අද(05) උෂ්ණත්වය 41.8C වාර්තා වීමත් සමඟ දිනක් තුළ වාර්තා වූ ඉහලම උෂ්ණත්වය සනිටුහන්ව ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.

ඒ අනුව, උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇති අතර ජපානයේ ප්‍රාන්ත 47 න් 44 ක තාප ආඝාත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

දේශගුණික විපර්යාස නිසා මෑත වසරවලදී ලොව පුරා උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර ජපානයද ඊට වෙනස් නොවේ. මොනාකෝවෙන් පසු ලෝකයේ දෙවන වයස්ගතම ජනගහනය සිටින ජපානයේ වැඩිහිටියන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇති අතර ජපාන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තාප ආඝාතය වළක්වා ගැනීමට, සජලනය වීමට සහ උච්චතම වේලාවන්හිදී එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීමට වායුසමීකරණය කළ කාමරවල නවාතැන් ගන්නා ලෙසයි.

ජපානයේ බොහෝ ප්‍රදේශවල ජූලි මාසයේ වර්ෂාපතනය අඩු වී ඇති අතර ජපානයේ බටහිර ප්‍රදේශවල වැසි සමය වෙනදාට වඩා සති තුනකට පමණ පෙර අවසන් වී ඇත. රට පුරා සමහර වේලි සහ කුඹුරු ජල හිඟයකට මුහුණ දී ඇති අතර ගොවීන් පැමිණිලි කරන්නේ වැසි නොමැතිකම සමඟ ඒකාබද්ධ වූ තද උණුසුම සහල් වගාව අසාර්ථක විය හැකි බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

ගැබිණි කත කළ අමුතු ජාවාරම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : වෙන්නප්පුව පොලීස් නිලධාරීන්...