බදු වෙනසට අදාළ මුදල තැන්පත් කරන්නේ නම් BYD වාහන 997 මුදාහැරීමට සලකා බැලිය හැකියි – රේගුව අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Date:

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD විදුලි මෝටර් රථ මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසින් ගොනුකර ඇති පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් බැංකු බැඳුම්කරයක් මත එම වාහන මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් සඳහන් කළාය.

එහිදී රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997ක් රේගුව භාරයේ පවතින බවත් එම වාහනවල මෝටරයේ ධාරිතාව 100kW ද, 150kW ද, යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ BYD සමාගමේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ කමිටු වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් කර තබන්නේ නම් එම වාහන වලින් 06ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තරකරුවන්ට උපදෙස්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම අගෝස්තු 07 වනදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදින ඉහත කී යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...