චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන් චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ආසාදිත මදුරුවෙකු දෂ්ට කිරීම හරහා පැතිරෙන මෙම වෛරසය උණ සහ දරුණු සන්ධි වේදනාව ඇති කරයි, සමහර විට එය වසර ගණනාවක් පැවතිය හැකිය.

දකුණු හා අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල චිකන්ගුන්යා පැතිරීම බහුලව දක්නට ලැබෙන අතර චීන බලධාරීන් සඳහන් කරන්නේ මෙම තත්වය කොවිඩ්-19 වසංගතය අතරතුර ගත් ක්‍රියාමාර්ගවලට සමාන පියවර ගැනීමට හේතු වී ඇති බවයි.

ෆොෂාන් හැරුණු විට, දකුණු ගුවැන්ඩොං පළාතේ අවම වශයෙන් තවත් නගර 12 ක ආසාදන වාර්තා වී ඇති අතර පසුගිය සතියේ පමණක් රෝගීන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

ආසාදන මැඩපැවැත්වීම සඳහා චීනයේ සමහර ප්‍රදේශවල, එකතැන පල්වෙන ජල මූලාශ්‍ර හඳුනා ගැනීම සඳහා ඔවුන් ඩ්‍රෝන යානා පවා පියාසර කර තිබු අතර මෙම මදුරු කීටයන් අනුභව කිරීමට මාළු 5,000 ක් නගරයේ විල්වලට මුදා හැර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වෛරසය පැතිරීම වැළැක්වීමට හොඳම ක්‍රමය වන්නේ මදුරුවන් බෝ වීමට ඉඩ සලසන එකතැන පල්වෙන ජලය රැඳෙන ස්ථාන අඩු කිරීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...