*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/05

  1. ඉකුත් ජූලි 26 වන දින කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේ දී එකඟ වූ පරිදි, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනා අගෝස්තු 15 වන දින හෝ ඊට ප්‍රථම යොමුකරන මෙන් ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියි.
  2. මාස ගණනාවකින් පසු පළමු වරට 2023 ජූලි මස තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇති බව කියන ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය, ජලය, ආහාර සහ බලශක්ති මිල ඉහළ යාමත් සමඟ යළි ඉහළ යාමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති: උද්ධමන අගය පහත වැටීමට හේතු වී ඇත්තේ සංඛ්‍යානමය පදනම් ආචරණය (statistical base effect) බව පෙන්වා දෙති.
  3. රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව අඩු කිරීමට යෝජනා ඉදිරිපත් වූව ද, රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
  4. සැප්තැම්බර් මුල් සතිය වන විට තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: මෙය සිදුවන විට ශ්‍රී ලංකා රුපියල තවදුරටත් තියුණු ලෙස අවප්‍රමාණය වනු ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
  5. ලෝක වෙළඳපොලේ ගෑස් මිලෙහි වැඩි වීමක් සිදුවූව ද ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සභාපති මුදිත පීරිස් දැන් පවසයි: ලාෆ් ගෑස් මිලෙහි ද වෙනසක් සිදු නොවන බව ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසයි.
  6. මීළඟ ජනාධිපතිවරණය හරියටම වසරකින් කැඳවිය යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි: පාර්ලිමේන්තුවෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙකුට ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බව ද පවසයි: මීළඟ ජනාධිපතිවරණය සඳහා වසරක කාලයක් ගතවන තුරු දින ගණන් කිරීම ඇරඹෙයි.
  7. මිහින්තලේ රජමහා විහාරයේ රු. මිලියන 4.1 ක හිඟ විදුලි බිල සමඟි ජන බලවේගයේ පක්ෂ සාමාජිකයන් සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් විසින් පියවීමට කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: මිහින්තලේ පුදබිමෙහි විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් රජයට දෝශාරෝපණය කරයි.
  8. ඉදිරියේදී පැමිණය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර අතහැර දැමූ කුඹුරු අක්කර 11,000ක් නැවත අස්වැද්දීමට රජය අපේක්ෂා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පවසයි: මේ සඳහා රජය විසින් රු. මිලියන 420 ක් වෙන් කර ඇති බව ද පවසයි: මෙම ක්‍රියාමාර්ග ඉතා සුළු ඒවා වන අතර, එළඹෙන ආහාර අර්බුදය වළක්වා ගැනීමට ප්‍රමාද වැඩි බව විවේචකයහු පෙන්වා දෙති.
  9. සිනොපෙක් (Sinopec) සමාගමට උපරිම ලාභයක් ලබා ගැනීමට හැකි වන පරිදි රජය විසින් ඉන්ධන මිල වැඩි කළ බව සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති ශාඛාව වන සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි: සිනොපෙක් සමාගම විසින් ජූලි 30 වැනි දින පළමු ඉන්ධන තොගය ගෙන එන ලද අතර එහි ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තිබූ අතර, දෙවන තොගයේ ඔක්ටේන් 92 පෙට්‍රල් අඩංගු වූ බව ද පවසයි.
  10. කීර්තිමත් වරල්ඩ් ට්‍රැවල් අවෝර්ඩ්ස් (World Travel Awards) හි අවසන් මහා සංදර්ශනය කොළඹ දී පැවැත්වීමට නියමිත නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔවුනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී මිනිසුන් රහිත සේවා කවුන්ටරවලට මුහුණ දීමට සිදු වූ බව රාජ්‍ය සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan