*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත් මිහින්තලා පුදබිමේ සංචාරයක

මේ රටේ රාජාණ්ඩු නැහැ. රජවරු නැහැ. හැමෝටම එක නීතියයි තියෙන්නේ. ඒ නිසා අපේ විදුලිය කපනවා නම් කාල්ටන් එකෙත් කපන්න ඕන. – මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ

මිහින්තලා පුදබිමේ විදුලිය කපා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ කවුද? කියා රජය හෙළි කළ යුතු යි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

නිල නිවාසවල සිටින මැතිඇමතිවරුන්ගේ විදුලි බිල්, කාල්ටන් නිවසේ පැවති නාමල් රාජපක්ෂගේ විවාහයට ගත් විදුලිය සඳහා වන බිල් නොගෙවන්නේ මන්ද? කියා ගැටලුවක් ඇති බවත් කාල්ටන් නිවසේ සිටින පුද්ගලයන් ද ලංකාවේ පුරවැසියන් බැවින් ඔවුන්ට ද එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් මේ රට කිසිදු පාර්ශ්වයකට හෝ රජකුට හෝ රාජාණ්ඩුවකට සින්නක්කරව හෝ ලියා දී නොමැති බවත් ශ්‍රී ලංකාවේ සියලු දෙනාට ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමසේ ඇති බැවින් එක් පාර්ශ්වයකට පමණක් පක්ෂපාතීව කටයුතු කළ නොහැකි බවත් මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ පැවසීය.

මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ මේ බව කියා සිටියේ අද (5) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ය.

සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල රුපියල් 5000ට වැඩි වුනා නම් එය විසන්දි කළත් මැති ඇමතිවරුන්ගේ විදුලි බිල රුපියල් ලක්ෂ ගණනින් වැඩි වන විට එය කිසිදින විසන්ධි නොකරන බවත් අඛණ්ඩව විදුලිය සපයනවා කියන රජය උසස් පෙළ සමයේ විදුලිය පවා කැපූ බවත් මිහින්තලේ රාජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ පැවසීය.

එසේ ම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සැදැහැති දායකයකු ලෙස සහ ලාංකිකයකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවීමට මැදිහත් වීම සමස්ත ලාංකිකයන්ටත් බෞද්ධයන්ටත් සිදු කළ අමිල මෙහෙවරක් බවත් ඒ සඳහා පිං අයිති වන බවත් මහනායක හිමිපාණෝ තවදුරටත් පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමික නිදහස්, බෞද්ධාගමට මුල් තැන දීම ආදී දේවල් පැවතියත් එය රට තුළ ක්‍රියාත්මක නොවන බවත් විදුලි කැපූ දිනයේ මිහින්තලාවට පැමිණි විදේශ සංචාරකයන් මෙරට ආණ්ඩුවේ සැබෑ තත්ත්වය දැන ගත් බවත් පැවසූ උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවට සඳහන්ව තිබීමෙන් අන්‍යාගමික නායකයන්ගේ සහ මිතුරන්ගේ සිත් රිදවීමක් සිදු කර ඇති බවත් මේ සියලු දේ බලය වෙනුවෙන් වන ඇස් බැන්දුම් රැවටීම් පමණක් බවත් පැවසීය.

පාලකයන් 2048 දී අප රට සිංගප්පූරුවක් කිරීමට සූදානම් යැයි පැවසුවත් එය මුලාවක් බවත් සිංගප්පූරුවක් නොව පසුගිය කාලයේ පැවැති නිදහස් නිවහල් තත්ත්වයට රට නැවත ගෙන එන ලෙසත් මේ තත්ත්වයට රට පත්කළ සමහර පාලකයන් වසර 70ක පමණ සිට පාර්ලිමේන්තුවේ සිටියත් ඔවුන් රට වෙනුවෙන් කිසිවක් නොකළ බවත් උන්වහන්සේ තවදුරටත් පැවසීය.

තමා සමග රජයට පෞද්ගලික කෝන්තරයක් ඇත්නම් එය තමා සමග විසදා ගන්නා ලෙසත් රටේ ජනතාවගේ පිටින් ඒවා පිට නොකරන ලෙසත් අමානුෂික ලෙස රට පාලනය කරන මොවුන්ගේ සිත් තුළ මිනිසුන් වෙනුවෙන් කිසිදු හැගීමක් නොමැති බවත් ද උන්වහන්සේ පැවසීය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිද්ධස්ථාන මූලික කර ගෙන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා මිහින්තලා පුදබිම ඉලක්ක කර ගෙන ආරම්භ කරන බවත් ඒ සඳහා තමා ඇතුළු විපක්ෂය සූදානම් බවත් මැති ඇමතිකම් තිබුණ අයට වඩා මැති ඇමතිකම් නොමැතිව තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස පසුගිය වසර කිහිපයේ රට වෙනුවෙන් සිදු කළ වැඩසටහන් විශාල බවත් පැවසීය.

එසේම මෙවැනි වැඩසටහන් සඳහා උදව් කිරීමට ඕනෑ තරම් පිරිසක් සිටින මුත් ඔවුන් අල්ලස දූෂණයට විරුද්ධ බවත් එබැවින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිධභාවයකින් යුක්තව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

දේශපාලනඥයන් කෙරෙහි ඇති මහජන විශ්වාසය බිද වැටි ඇති මේ මොහොතේ විපක්ෂයේ සිට වැඩකොටසක් සිදු කර ජනතාවට සැබෑ වෙනස ඔප්පු කර පෙන්වන බවත් බලය තිබුණත් නැතත් මේ කිසිදු වැඩසටහනක් නවත්වන්නේ නැති බවත් මහජන නියෝජිතයකුගෙන් සිදුවිය යුතු කාර්යභාරයෙන් සුළු කොටසක් ඉටු කරමින් මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවා දැමූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මිහින්තලා පුදබිමේ විදුලිය කපා දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සිදු කර ඇත්තේ කුමන පාර්ශ්වයක් ද කියා සොයා බැලිය යුතු බවත් පූජනීය සිද්ධස්ථානයක විදුලිය විසන්ධි කරන්නත් පෞද්ගලික නිවසක සාදයක් සඳහා වැය වූ විදුලි බිල නොගෙවුවත් එය විසන්ධි නොකළ බවත් මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුමත කළ නොහැකි හෙයින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan