පිපිරුණ සබන් බෝලයකින්
බිම වැටුණු කවියක
වියරණ දොස් තිබුණු බව
ඇය ලියා එවා තිබුණා.
හොර නිධන් හාරන්නකු මෙන්
හිත් පතුළ පාරා මතුකරගත්
අවසාන හැඟුමත්
හැඟුම්බරවුණු මොහොතක
වියරණ දෝස.
ඇයටත් හිතෙන දේවල්.
“බෝල අතකුරු වුණත්
කැලැත්තෙන විට අවකාශයේ
ඇද වෙන්න පුළුවනි.”
“පේ‍්‍රම කවියක් වුණත්
රිදුම්දෙන විට සන්තානයේ
ඇති වෙන්න පුළුවනි.”
“මිරිඟුව” නො පවතින දෙයක් නම්
ඒ වචනය මොකටදැ?” යි
ඇගේ ලියමන අවසානයේ
ඇය ප‍්‍රශ්න කර තිබුණා.
මා ඇගෙන් නොව
ඔබෙන් විමසන්නේ එකමෙක දෙයයි
‘ආදරය’ ගැන
ඔබ හිතන්නේ කොහොමද
~ මංජුල වෙඩිවර්ධන
(නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක )
RN