අද සිට දින 04ක් පාර්ලිමේන්තුව රැස්වෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

පාර්ලිමේන්තුව අද (06) සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව අද (06) වැනි දා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට තීරණය ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය ‍විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ලබන 7 වැනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙන අතර, අනතුරුව පෙරවරු10.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබෙන බව සඳහන් වේ.

මිට අමතරව ලබන 8 වැනි දා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සඳහා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත්තේ. එදින පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

මේ අතර ලබන 09 වැනිදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.මේ අනුව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...