රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සහ දත්ත ඇතුළත් කිරීමෙන් කරුණු 4ක් යටතේ කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කර ඇත.

සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යටතේ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

ඒ අනුව, 

* අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.

* දෙවනුව විදේශ පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන්බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.

*ආයතන අනෝන්‍ය වශයෙන් හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය සහ එම ආයතන හිමිකරුවන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුම්පත් අංකය හා විදේශ සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය කෙරේ.

*අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් ආයතන සමග හුවමාරු කිරීමට හැකිවන පරිදි දත්ත ප්‍රමිතිකරණය සිදුකිරීම නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...