*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

පාසල් සංගමය වාර්තා කරාම සනත් මාටිනස්ගේ සිඳුවීම ගැන පරීක්ෂණයක් පවත්වනවා – ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 03, (LNW) කොළඹ :

සනත් මාටිනස් ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරුවාය.ඔහු මේ වන විට නැවත වරක් තමන් පුහුණුකරන ශාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ප්‍රසිද්ධියේ පහර දීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්ව ඇත.මීට පෙර ද මෙවැනිම ක්‍රියාවකට දඬුවම් ලබා දී ඇති පුද්ගලයෙක් ලෙස යළිත් ඔහු ආසියානු සහ ලෝක රග්බි සම්මේලනයේ හැසිරීම සම්බන්ධයෙන් වන කරුණුවලට අනුව දඬුවමකට ලක්වීමේ අවධානමකට මුහුණ දී ඇත.


මේ සම්බන්ධයෙන් වර්ථමානයේ ශ්‍රී ලංකා රග්බි පාලනය පැවරී ඇති බලධාරියා ලෙස අමාත්‍යවරයා විසින් නම් කර ඇති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ,මේ තත්ත්වය ගැන නිල වශයෙන් පාසල් සම්මේලනයෙන් දැණුම් දීමක් තවමත් ලැබී නොමැති බවය.සිඳුවීම සම්බන්ධයෙන් තමන්ට ද දැක ගන්නට ලැබුණු බවය.එහෙත් එය දුටු පමණින් ක්‍රියාත්මකවීමට හැකියාවක් නොමැති බවත් සිඳුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසල් රග්බි සංගමය මැදිහත්ව ඉදිරිපත් කරන වාර්තා අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවය.ශ්‍රී ලංකා රග්බි වෙත මේ තරගය විනිශ්චය කිරීමට සහ වෙනත් තාක්ෂණික පහසුකම් සැපයීමට ආදී කරුණු වෙනුවෙන් පත් කළ නිළධාරීන්ගෙන් ද කරුණු විමසා බලා මේ සමබන්ධයෙන් කටයුතු කිරීමට එහි මුල් පියවර වගකීම ඉටු කිරීමෙන් පසුව ක්‍රියා කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.


ප්‍රසිද්ධියේ පහර දී තරුණයෙකු නිවැරදි මඟට ගැනීමට හැකි ද,එසේත් නැතිනම් එයින් පාසල් වයසේ සිටින ගැටවරයෙකුගේ ආත්මාභිමානය සිඳ,ඔහුගේ පෞරුෂයට හානි කරනවාද යන්න පිළිබඳව විද්‍යාත්මක මතවලට අනුව ක්‍රියා කළ යුතුය.සනත් මාටිනස් වැනි දක්ෂ පුහුණුකරුවෙක් ක්‍රීඩකයා ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේදී වෙනත් පුද්ගල පෞරුෂයන් සම්බන්ධ කාරණා ද ඔහුගේ අවධානයට ලක් කළ යුතුව ඇත.වරක් දඬුවම් කරමින් නීතිය කවරාකාරදැයි පෙන්නා දී ඇති තත්ත්වයක සනත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේනම් ඔහු නොසළකා ඇත්තේ ඔහුට දඬුවම් දී ඇති,ඔහු දන්නා නීතිමය කරුණක්ය.
සියල්ලන් නීතිය ඉදිරියේ සමානය.ලෝක රග්බි සම්මේලනයද මේ මොහොතේ මේ සිඳුවීම සම්බන්ධ රූප රාමු ඇසුරෙන් රටක් හැටියට ලංකාවේ හැසිරීම බලා සිටින්නේය.මේ වන විට සංකල්පීය වශයෙන් දියුණු තැනක ඉන්නේ ද,නැතිනම් අවසන් නොකළ ගෝත්‍රික අවදියක පසු වන්නේ ද යන්න ගැන ලෝකය තීරණය කරනු ඇත්තේ සනත් ගැන පමණක් නොව රට ගැනත්ය.


තවමත් ළමෙක්ට ගහන්නෙ නැතුව හදන්න බැහැ කියන හණමිටි මත දරණ අයත් සිටින පාසල් පද්ධතියකට උරුමකම් ඇති රටක,අධ්‍යාපන අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතිව ක්‍රීඩා තරගයක ජාත්‍යන්තර මට්ටමේ උළෙලක අඳින ඇඳුම් ඉවත් කරන්නට බලපෑම් කළ හැකි මිනිස්සු සිටින බව අපි දනිමු.එසේම සමහර අය තමන්ගේ උවමනාවට අනුව තරුණයා තබා ගැනීමේ ඒකාධිකාරය දැරීමේ හීනමානයෙන් යුතුව කොණ්ඩාකපන ජංගම ස්ථාන පවත්වා ගෙන යන්නේ ද මෙවැනි උළෙලවල්වලය.මේවා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් කඩකිරීම් ලෙස දඬුවම්වලට අත වැනීමක් වුව,තවමත් ලංකාවේ පුරවැසියන් ගුරුවරුන් දෙවියන් කර සළකන බැවින්,එම දේව අරුත් දුන් ගුරුවරුන් ඇති කළ මතයෙන්,එසේ නොවන ගුරුවරුන්ට ද බේරී ඉන්නට හැකියාව ලැබී ඇත.එහෙත් මේ මොහොත මේ වන විට ලෝකයට විවෘතව ඇති බැවින් සනත් මාටිනස් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන ලෝකය අවදියෙන් සිටින බව ඇත්තය.


වැදගත්ම දේ මෙහිදී සනත් මාටිනස් සිය දක්ෂතාවය පවත්වා ගෙන යාමේදී පොදු යහපත් චර්යාවන් නොසළකා හැර තිබීමය.ඒ ආචාර ධාර්මික කාරණා පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් ඔහු තමන්ට පමණක් නොවේ ඔහුගේ දක්ෂතාවයෙන් රටට ප්‍රයෝජනයක් ගත හැකි ඉඩ ද විනාශ කර දමමින් ඇත.කෙසේ වුවත් මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ලෝකයට විවෘතව වි ඇති වීඩියෝවක සනත් මාටිනස් ශාන්ත පීතර විද්‍යාලයේ රගර් කණ්ඩායමේ ශාරිරික යෝග්‍යතාවය පිළිබඳ වගකීම දරණ ජාත්‍යන්තර කීර්තියට පත් සවි එසැවීම් සූර රන්සිළු ජයතිලක සමඟ පෙරට එන බවත්,ක්‍රීඩකයෙකුට තර්ජනය කර පහර දෙන බවත් සනාත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විවිධ මත සහ විවේචන සමාජ මාධ්‍යයෙන් එල්ල වී ඇත.එවැනි තත්ත්වයක ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පාසල් රග්බි සම්මේලනයෙන් කුමනාකාරයේ වාර්තාවක් ලබා දෙනු ඇද්ද යන්න පිළිබඳව අපි අවධානයෙන් සිටිමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan