ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!

Date:

කොළඹ LNW:පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතාගේ තීරණයේ වෙනසක් නොවන්නේ නම් අපගේ නා මල සූදානම් බවයි වීරතුංග මහතා සඳහන් කළේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නෙළුම් මාවත කාර්යාලයේදී ප්‍රකාශ කෙරෙනු ඇති බව ඔහු කියා සිටියේය.

බටහිරයේ මුදල්වලටවත් වෙනත් අයගේ අවශ්‍යතාවන්ට හෝ නාමල් රාජපක්ෂ නතර කරන්නේ නැති බවයි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවද වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතාගේ මව විසින් ඔහුගෙන් කළ ඉල්ලීමක් මත එලෙස ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට ඔහු තීරණය කර තිබෙන බවටයි උදයංග වීරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...