ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන් උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ධරාලි සංචාරක කලාපයේ ඇතිවූ හදිසි මඩ සහිත ගංවතුර තත්වයක් හේතුවෙන් සිවු දෙනෙකු මියගොස් 100 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඉන්දීය හමුදාව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අතර 20 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.

මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවට විශ්වාස කරන අතර නගරයේ කොටසක් ගැඹුරු සුන්බුන් වලින් වැසී ඇති අතර ඇතැම් ස්ථානවල නිවාසවල වහලවල් මත මඩ ගසාගෙන ගොස් ඇත තිබේ.

මෙම ප්‍රදේශයෙන් ගංවතුර සහ නායයෑම් බහුලව දක්නට ලැබෙන අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශය සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබිණ.

අනතුරට පත් පුද්ගලයන් වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය ප්‍රකශ කර ඇති අතර විපතට පත් වුවන් බේරා ගැනීම සඳහා සියලු පියවර අනුගමනය කරන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...