ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී වීදි සංචාරය කරයි!

Date:

නදීක දයා බණ්ඩාර

අගෝස්තු 06, මහනුවර (LNW): ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) රාත්‍රී වීදි සංචරයට එක්වේ.
දළදා පෙරහැර වීදි සංචාරයට එක්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී හත පසුවී මිනිත්තු හයට යෙදෙන සුබ මොහොතිනි.

දළදා වීදියෙන් ගමන් අරඹන පෙරහැර කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් විත් ඉහළට ගෙවැදීමට නියමිතය.

ඊයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පෙරහැර ගමනට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...