විස්සයි විස්ස දළකාරයින් හැප්පෙන SLC T20 ලීග් 2025 නැරඹීම ජනතාවට නොමිළේ ඉඩ

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW:

අගෝස්තු 7, 8, 10, 11, 13 සහ 14 යන දිනවල පැවැත්වෙන අතර අවසන් මහා තරඟය 16 වන දින පැවත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කර ඇති,එස්එස්සී පිටිය කෙන්ද්‍ර කරගෙන පැවත්වෙන SLC T20 ලීග් 2025 තරගාවලිය නැරඹීමට මහජනතාවට නොමිලේ අවස්ථාව සළසා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.

මෙම පියවර මගින් රසිකයින්ට ජාතික මට්ටමේ තරු පංතියේ ක්‍රීඩකයින් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම මට්ටමේ නැගී එන දක්ෂ ක්‍රීඩකයින් තරඟ කරන ආකාරය නැරඹීමට හැකි වේ.

කණ්ඩායම් තුනකින් යුත් තරඟාවලියේ බ්ලූ,ග්‍රීන් සහ ග්‍රේ කණ්ඩායම් අතර තරඟ SSC හිදී පැවැත්වෙන අතර එම සියලුම තරඟ පස්වරු 13:30 ට ආරම්භ වේ. තරගාවලියේ පළමු තරඟය අගෝස්තු 7 වන දා ‘බ්ලූස්’ සහ ‘ග්‍රීන්ස්’ අතර පැවැත්වේ.

තරග පැවත්වෙන සෑම දිනකම මහජනතාවට වෙනුවෙන් SSC හි ගේට්ටු දහවල් 12.30 සිට විවෘතව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...