නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW:
ශ්‍රී ලංකා කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් 2025 අගෝස්තු 5 වන දා ගම්පහ නයිවල පිහිටි නිව් සැනිරෝ ක්‍රීඩා සංකීර්ණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. ප්‍රමුඛ පෙළේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන රටවල අනාගත බැඩිමින්ටන් තරු සහභාගී වන සිව් දින ජාත්‍යන්තර තරඟාවලියේ සමාරම්භයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වුණේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) සභාපති රොෂාන් ගුණවර්ධනයි.
සමාරම්භක උත්සවයට උත්සවයට තරඟාවලි කමිටු සභාපති දිනේෂ් ජයවර්ධන, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති බුද්ධික ද සිල්වා, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මහලේකම් අජිත් විජේසිංහ, සංවිධායක කමිටුවේ ලේකම් ජාලිය ජයසේකර සහ ජාතික තේරීම් කමිටු සාමාජික කමල් ගම්ලත් ද එක් වූහ.
මෙම තරඟාවලියේ වයස අවුරුදු 19 න් පහළ, 17 න් පහළ, 15 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරඟ පැවැත්වෙන අතර, බාලක සහ බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ යටතේ තරඟ පැවැත්වේ. සියලුම තරඟ BWF හි නිල නීති සහ රෙගුලාසිවලට අනුකූලව පවත්වනු ලැබේ. එහි දී ශ්‍රී ලංකාවට වඩා ඉහළ බැඩ්මින්ටන් සංස්කෘතියක් ඇති රටවල තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් අනාගත භාර යොවුන් ක්‍රීඩකයින්ට සිය දක්ෂතා උරගා බැලීමට මෙන්ම තරග අත්දැකීම් හරහා අධ්‍යයනයක් ලබා ගැනීමට ද ලැබෙන අවස්ථාව ඉතා වැදගත්ය.ලෝකයේ ඉහළම මට්ටමේ බැඩිමින්ටන් ක්‍රීඩාව පවතින ආසියාතික මට්ටමේ අනාගත දක්ෂයන්ගේ දායකත්වය නිසා මේ තරග අත්දැකීම ශ්‍රී ලංකාවේ ලාබාල ක්‍රීඩකයන්ට ලෝකය සමඟ පෙරට ගමන් කිරීමට සකස් වුණ පොහොසත් මාර්ගයක් ලෙස නිර්වචනය කිරීම නිවැරදිය.
BWF ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා දීමේ ක්‍රමයට අදාළ බැවින්, දේශීය යොවුන් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර වේදිකාවේ ඉදිරියට යා හැකි මෙම තරගාවලිය සිහිනයක් නොවන්නට සාදර දායක අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ,ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සහ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන මැක්ලරන්ස් සමූහය ය, අගෝස්තු 5 වන දින සිට 8 වන දින දක්වා ගම්පහ නයිවල නිව් සැනිරෝ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟාවලිය බැඩ්මින්ටන් ලෝක සම්මේලනය (BWF) සහ බැඩ්මින්ටන් ආසියානු (BA) විසින් අනුමත කරන ලද මෙම කීර්තිමත් ජාත්‍යන්තර තරගාවලියකි. ජාත්‍යන්තර තරඟාවලිය, ලොව පුරා දක්ෂ තරුණ බැඩිමින්ටන් ක්‍රීඩකයින්ගේ ආකර්ෂණයදිනා ගෙන ඇති මෙම තරගවලිය හරහා ශ්‍රී ලංකා බැඩිමින්ටන් ශ්‍රී ලංකාවේ විදෙස් මුදල් සංචිතය තර කිරීමට දක්වන ආර්ථික සහයෝගයද සුළු නොවේ.
ශ්‍රී ලංකා ක්‍රීඩා ගෝලීය ප්‍රමිතීන්ට ඔසවා තැබීම සඳහා සමූහයේ කැපවීම නැවත තහවුරු කරමින්, මැක්ලරන්ස් සමූහයේ ප්‍රමුඛතම සන්නාම කිහිපයක් වන මොබිල්, 3M, මැක්ෆොයිල්, GAC සහ Dr.Fixit විසින් දින හතරක් පුරා පැවැත්වෙන මෙම ඉසව්වට සහාය දක්වනු ඇත. අවසන් මහා තරඟයෙන් සහ මහා සමාප්ති උත්සවයකින් පසුව මෙම ඉසව්ව අගෝස්තු 8 වන සිකුරාදා අවසන් වේ.
