රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක නිරත වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
කෝපා කමිටුවේ සභාපති ධුරය දැරූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (06) දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එම තනතුරින් ඉල්ලා අස්වූයේය. ඔහු සඳහන් කළේ කෝපා කමිටු සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට රජය එකඟ වී ඇති බැවින් ඊට ඉඩ සලසාදීම සඳහා තමන් ඉල්ලා අස්වන බවකි.
