ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක සිට බිලියනපතියන්ගේ සමාජය දක්වා ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානු ව්‍යාපාරික විධායක නිලධාරියකු වන සුන්දර් පිචායිගේ ජීවන ගමන කියවිය යුතුම කතාවකි. එය ආශ්වාදජනක වන අතර එයින් බොහෝ පාඩම් ඉගෙන ගත හැකිය.

පිචායිගේ ගමන, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ අධිෂ්ඨානය ඕනෑම බාධකයක් ජයගෙන අසාමාන්‍ය සාර්ථකත්වයක් කරා ගෙන යා හැකි ආකාරය අපට කියා පායි.

1972 ජුනි 10 වන දින තමිල්නාඩුවේ මදුරෙයි හි මධ්‍යම පාන්තික පවුලක උපත ලබන සුන්දර් පිචායි රෙගුනාත පිචායි සහ ලක්ෂ්මිට දාව උපත ලැබූ අතර සුන්දර්ගේ පියා විදුලි ඉංජිනේරුවරයෙකු වන අතර මව ස්ටෙනෝග්‍රැෆර්වරිවරියකි.

සුන්දර් පිචායි මුලින්ම චෙන්නායි හි ජවහර් විද්‍යාල ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසලෙන් සහ IIT මදුරාසියේ වානා වානි පාසලෙන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ M.S. උපාධිය හැදෑරීමට එක්සත් ජනපදයට යාමට පෙර IIT ඛරාග්පූර් වෙතින් ලෝහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගෙන ඇත. ඉන් අනතුරුව ඔහු පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෝර්ටන් පාසලෙන් MBA උපාධියක් සම්පූර්ණ කර තිබේ.

2008 ගූගල් හි සිය වෘත්තීය ජීවිතය ආරම්භ පිචායි නිෂ්පාදන සංවර්ධන උප සභාපති ලෙස පත් කරන ලදී. 2012 වන විට ඔහු ජ්‍යෙෂ්ඨ උප සභාපති දක්වා උසස් වී ඇති අතර 2014 දී ඔහු නිෂ්පාදන ප්‍රධානියා බවට පත්විය. අනතුරුව 2013 දී, පිචායි ඇන්ඩ්‍රොයිඩ් අංශයේ වගකීම භාර ගත් අතර ගූගල් හි දැරිය හැකි Chromebook පරිගණක පිටුපස මෙහෙයුම් පද්ධතිය වන Chrome OS සංවර්ධනය කිරීමේ නායකත්වය ද ඔහුට හිමි වේ. මීට අමතරව, 2014 දී ගූගල් විසින් ඩොලර් බිලියන 3.2 කට නෙස්ට් අත්පත් කර ගැනීමේදී පිචායි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ අතර ඔහුගේ කැපවීම, නොපසුබට උත්සාහය සහ ශක්තිමත් වැඩ ආචාර ධර්ම නිසා 2015 දී ගූගල් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහු පත් විය. ඉන් අනතුරුව 2019 දී ඔහු ඇල්ෆබෙට් ඉන්කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළේය.

පිචායි ගූගල් හි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ගූගල් මෙවලම් තීරුව කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන කළමනාකරණයේ උප සභාපතිවරයෙකු ලෙසය. ඔහුගේ මුල් අවධියේ සන්ධිස්ථානයක් වූයේ සමාගමට තමන්ගේම වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමට අවශ්‍ය බව සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ්ට ඒත්තු ගැන්වීමයි.

පසුගියදා බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, සුන්දර් පිචායිගේගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.1 ක් ලෙස සඳහන් කිරීමත් සමඟ ඔහු බිලියනපතියන්ගේ සමාජයට ඇතුලත් විය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මාර්ක් සකර්බර්ග්, එලොන් මස්ක් සහ ජෙන්සන් හුවාං වැනි අනෙකුත් තාක්ෂණික බිලියනපතියන් මෙන් නොව පිචායි ගූගල් ආරම්භ කළේ තමා විසින්ම නොවන හෙයින් සමාගමේ මුල් දිනවල සිට පිචායිට කිසි විටෙකත් දැවැන්ත කොටස් හිමිකමක් නොතිබුණි, එම නිසා ඔහුගේ ශුද්ධ වටිනාකම එම ආරම්භකයින්ට වඩා බෙහෙවින් අඩු වීමයි.

නමුත් ක්‍රමයෙන් ඔහු සිය වත්කම් ඉහල නංවාගෙන ඇත.

සුන්දර් පිචායිගේගේ පෞද්ගලික ජීවිතය දෙස බැලීමේදී ඔහු විවාහ වී ඇත්තේ අංජලී පිචායි සමඟයි, ඇගේ මංගල නම හර්යානි වන අතර මෙම යුවළට දරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා IIT ඛරාග්පූර් හි අධ්‍යාපනය ලබන අතරතුර මුණගැසුණු අතර වසර ගණනාවක් පුරා ඔවුන්ගේ මිත්‍රත්වය ආදරයක් බවට පත් වූ අතර පසුව ජීවිත කාලය පුරාම ශක්තිමත් හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇත.

සුන්දර් ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අතර, මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු තම ළමා කාලයේ දී වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ නමුත් ජීවිතය එසේ නොවීය.

ලොව පුදුම කළ හැක්කේ බොහොම සීමිත පිරිසකට පමණි. සුන්දර් පිචායි ද ඉන් කෙනෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...

කෝපා සභාපති පුටුවට රවී ??

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා...