වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW:

වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6 වන දාය.එදා උදෑසනින්ම කොළම ආර් ප්‍රේමදාස පිටියට ප්‍රවේශපත්‍ර නොමැතිව නොමිලේ රිංගීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට උදා කර දී තිබිණ.එයින් ප්‍රයෝජන ගත් එක් අයෙකු වූයේ මා ය.මාධය මිතුරන්ට කතා කොට එහි රිංගන්න උථ්සාහ කරනවාට වඩා සිමෙන්ති පඩියක් මත සිට සනත් ජයසූරිය බ්‍රයන් ලාරා ලබාගෙන සිටි ලකුණු 375 ඉක්මවා යන විට නැඟෙන මහා හඬට මගේ හඬ ද මුසු කරන්නට නොඉවසිල්ලෙන් බලා උන්නේය.


එහෙත් පපුව හිර වී උඩට ඇඳුණු සුසුමකින් සියල්ල හමාර විය.ඒ ඇදුණු හුස්ම මගේ පමණක් නොවේය.අහ්! වැනි හඬක් මුළු ක්‍රීඩාංගණය පුරාම ඇසිණ.ඒ අතරින් මගේ හඩ වෙන් කර සොයා ගන්නට නොහැකිය.එකම හඬකි එකම හැඟුමකි.සනත්ගේ ඉණිම ලකුණු 340 දී නිමා විය.ඒ ලාංකිකයෙකුගේ පළමු ත්‍රිත්ව ශතකය විය.ලකුණු 226 ට සීමා වූ රොෂාන් මහානාමගේ සහයෝගීතා ඉණිම ද ලකුණු 226 න් නිමා විය.
ලකුණු 39 දී මාවන් අතපත්තු දැවී ගිය පසුව පිටියට පිවිසි මහානාම සනත් සමඟ දෙවන කඩුල්ලට ඇති කළ ලකුණු 576 ක සබඳතාවය එදා ලෝකයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් තැබූ සබඳතාවය විය.fම් තෙිහාසික ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් තරගයට මුහුණ දී ලකුණු 66 ක් රැස් කරන්නට සමත් වූ මහේල ජයවර්ධන පසු කළෙක එම හොඳම කඩුලු සබඳතාවයේ වාර්තාව තෙවන කඩුල්ල සඳහා ඇති කරන්නට සමත් විය.ඒ කුමාර සංගක්කාර සමඟ එක්ව තෙවන කඩුල්ලට දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 624 ක නොඉිදි සබඳතාවයක් පවත්වමින්ය.එපමණක් නොව එම ඉණිමේදී මහේල, සනත් ජයසූරිය ඉක්මවා යමින් ලකුණු 374 ක් රැස් කරන්නට ද සමත් විය.එය අද ද ලොව දකුණත් පිතිකරුවෙක් සතු හොඳම ටෙස්ට් ඉණිම ලෙස සැළකෙන්නේය.


කෙසේ වුවත් මීට වසර 28 ට පෙර උදා වූ අගෝස්තු 6 වන දා තැබූ වාර්තාවලින් එකක් තවමත් නොබිදි ලංකාව සතුව ඇත.ඒ හොදම ටේට් ඉණිමය.නැඩිම ලකුණු ලැබූ ටෙස්ට් ඉණිමය.එය කඩුලු 6 ට 952 කි.සනත්ගේ ත්‍රිතව් ශතකය මෙන්ම මහානාමගේ ද්විත්ව ශතකය ද අයත් එම ඉණිමට අරවින්ද සිල්වා එක් කළ ලකුණු 136 ක් ද,අර්ජුන රණතුංග එකතු කළ ලකුණු 88 ක් ද අයත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...