චන්ද්‍රයාන්-3 සාර්ථකව සඳ කක්ෂයට ඇතුළු වේ

Date:

චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ.

ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 අභ්‍යවකාශ මෙහෙයුම දියත් කර සති තුනකට පසු එය සඳ කක්ෂයට ඇතුළු වී ඇති බව එරට අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබේ.

මේ අනුව චන්ද්‍රයාන්-3 අගෝස්තු 23 සහ 24 අතර චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසල ආරක්ෂිතව ස්පර්ශ වනු ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) අපේක්ෂා කරන අතර එහි ප්‍රධානී එස් සෝමනාත් පවසා ඇත්තේ ඔහුගේ ඉංජිනේරුවන් අවසන් අසාර්ථක මෙහෙයුමේ දත්ත හොඳින් අධ්‍යයනය කර දෝෂ නිවැරදි කිරීමට උපරිම උත්සාහ කළ බවයි.

මෙම මෙහෙයුම සාපේක්ෂ වශයෙන් අඩු අයවැයකින් සිදුකළ අතර මෙහි ගොඩබෑමේ මොඩියුලයක් හා රෝවර් ඇතුළත් වේ. ඒ අනුව ගොඩබෑමෙන් අනතුරුව රෝවරය චන්ද්‍ර මතුපිට ගවේෂණ කටයුතු අරඹනු ඇත.

චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ. අභ්‍යවකාශ යානය දියත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 හඳුන්වා තිබුණේ, අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙසයි.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය