*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

KANTHALE EXPRESS ධාවන පථයෙන් පිට පතිත වෙයි

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 07, LNW කොළඹ:
අරුණ දර්ශන නැවත වරක් මීටර් 400 ඉසව්වේ හොඳම කාලය වාර්තා කරමින් මීටර් 400 තරගය නිමා කළ ද,ධාවන පථ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත් කරන්නට යෙදිණ.ඔහු තමන්ට හිමි නැති ධාවන පථයක් ස්පර්ශ කරමින් ධාවනයේ යෙදීම නිසා තරගයෙන් ඉවත් කරන්නට යෙදුණු අතර එසේ නොවුණානම් ඔහු වාර්තා කළ තත්පර 44.75 සමස්ත අවසන් පූර්ව තරග සළකා බලද්දී තිබුණේ 13 වන තැනය.

අරුණ තරග කළ අවසන් පූර්ව තරගය පැවති අවසන් පූර්ව තරග අතරින් වේගවත්ම තරගය වූ අතර එහිදී ග්‍රෙනඩාවේ ජෙම්ස් කිරානි තත්පර 43.78 න් ඉසව්ව නිමා කරමින් ඉදිරියෙන්ම සිටියේය.එම අවසන් පූර්ව තරගයේ දෙවන ස්ථානය දිනූ සැම්බියාවේ සමුකොන්ගා මුසාලා වාර්තා කර තිබුණු සමස්ත කාලයන්ට අනුව දෙවන තැන සිටි අතර ඔහු තත්පර 43.81 ක කාලයක් වාර්තා කරන්නට සමත් වූ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම නව සැම්බියානු ජාතික වාර්තාවක් ද විය.කිරානි ද වාර්තා කළ කාලය ඔහුගේ කාලීන හොඳම දක්ෂතාවය විය.

අරුණගේ මීටර් 400 ඉසව්වේ කාලය වර්ධනය කර ගැනීම තව දුරටත් වැඩි කර ගැනීමට නම් හු තරගයේ මුල් මීටර් 50 තුළ ධාවන කරන වේගය තව දුරටත් වර්ථනය කර ගැනීම අවශ්‍යය බව කේෂ්ත්‍රයට අදාළ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් අදහස් දක්වා තිබිණ.ඔහු අවසන් තරගයේ නිල වාර්තා පරික්ෂා කිරීමේදී ආරම්භයේ දී දක්වා තිබූ ප්‍රතිචාරය ද සිය අවසන් පූර්ව තරගයට සහභාගි වූ ක්‍රීඩකයින් අතර පහළින්ම තිබුණු එක විය.මීට හේතුව හැටියට දැකිය හැක්කේ අරුණ මේ මට්ටමේ තරග සඳහා ඉදිරිපත් වී එම රිද්මයට තම ධාවනය පදම් කරගෙන නොමැතිකමය.
තරුශිගේ ධාවනයේ දී ද මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර එකම ඉසව්ව වුව එහි තරගකාරී ස්වභාවය වෙනස් වන අයුරු අපි දැක ඇත්තෙමු.මේ තත්ත්වයන්ට මුහුණ දීමේදි ඇතිවන වෙනස්කම් සම්බන්ධයෙන් තරග අත්දැකීම් ලබා ගැනීමට තරම් අවස්ථාවක් ඇති රටක සහ ඊට උනන්දු කරන සහ පහසුකම් ලබා දිය හැකි රටක මෙම ක්‍රීඩිකාවන් ඉපිද නැත.ජාතික පුහුණු අධ්‍යක්ෂවරු,ජාතික පුහුණුකරු ආදි තනතුරු ද පවතින ව්‍යහුය යටතේ නඩත්තු වුව ද,ඒ කිසිවෙක් මේ පුහුණුකරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් තරගාවලියේ දී මුහුණ දිය යුතු මේ වෙනස් වාතාවරණය ගැන කියා නොමැති බව විශ්වාසය.ඉතාම අහිංසක උනන්දුවක් ඇති එම තනතුරුවල සිටින පිරිස් පැවරුණු වගකීමේ කොටසක් හැටියට උනන්දුවෙන් ඉටු කරමින් සිටින්නේ මලල ක්‍රීඩා සංගමයට බලපාන ගැටළුවලදී ක්‍රීඩා අමාත්‍යංශය පාර්ශවයෙන් ඇවිලෙන ගිණි සිසිල් කිරීම වැනි කාරණාය.

එසේත් නැතිනම් නිහතමානීව සම්භාහන කටයුතු ආදියටද ඉදිරිපත් වන තත්ත්වයක් දැකිය හැකි අතර පුහුණු අධ්‍යක්ෂ ලෙස ඔහු මේ තරගයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුරෝපීය තරග රටාව අනුව තම ඉසව් මීටරයෙන් මීටරය කළමණාකරනය කර ගත යුතු ආකාරය ආදි කරුණු අධ්‍යයනය කර පුහුණු සැළසුම් සඳහා පෞද්ගලික පුහුණුකරුවන් දැනුවත් කිරීමක් කර නැත.අරුණ දර්ශනට වඩා හොඳ කාලයක් වාර්තා කර සිටි කාලිංග කුමාරගේ පෞද්ගලික පුහුණුකරු ලෙස පත් වී එම ක්‍රීඩකයා ඉහළ මට්ටමට රැඟෙන ආ පුහුණුකරුගෙන් තමා සන්තකයට ගැනීම පසුගිය කාලයේ දී ඔහු විසින් කරන ලද ඉහළම දස්කම ලෙස හැඳින්විය හැකිය.

අරුණ යළි 2027 දී ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා සූදානම් කර ගැනීමට අවධානය යොමු කරනු වෙනුවට මේ හුස්මට 2028 ඇමෙරිකාවේ පැවත්වෙන ඔලිම්පික් තරගාවලියට සූදානම් කිරීම වැදගත්ය.එසේම ඇමෙරිකානු වීසා ලබා ගැනීමට අවසන් තත්පරය තෙක් සිට සහභාගීත්වය අවදානමේ හෙළීම ද නොකළ යුතුය.වැදගත්ම දේ මලල ක්‍රීඩා පරිපාලනය මේ සඳහා අනුග්‍රාහකත්වයන් සොයා ගන්නේ කෙසේද යන්නය.පවත්වන තරග සොයා ඒවා ක්‍රීඩා අමාත්‍යංශ්‍යට දන්වා,අමාත්‍යංශයෙන් මුදල් ගෙවා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවන මට්ටම වෙනස් වී මලල ක්‍රීඩා සංගමය එම ක්‍රීඩාව නඩත්තුවට මුදල් සොයන තත්ත්වයක් ඇති විය යුතුය.

එළැඹෙන නිලවරණවල සිට හෝ බලයට පත්වන කණ්ඩායම් නිලවරණය සඳහා අයදුම්පත් භාර දීමේදි ක්‍රීඩාව ප්‍රවර්ධනයට මුදල් කොපමණ සොයා ආයෝජනය කරන්නේ ද යන්න පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරිම අනිවාර්ය කළ යුතුය.ක්‍රීඩා අමාත්‍යංශයට කට ඇරුණු පිං කැට මෙන් වන ක්‍රීඩා සංගම් අවශ්‍යය නැත.මූලික පහසුකම් සම්පාදනය කර ක්‍රීඩාව සංවර්ධනයට අවශ්‍යය පදනම ක්‍රීඩා අමාත්‍යංශය පවරා ගෙන අවශ්‍යය ක්‍රීඩා ඉසව් සඳහා මුදල් යෙදීම ක්‍රීඩා සංගම්වලට කර ගැනීමට හැකි තත්ත්වයක් ඇති නිලධාරී කණ්ඩායම් ක්‍රීඩා සංගම් පරිපාලනයට පැමිණිය යුතුය.ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැති අතර ආර්ථික මට්ටමෙන් හොඳ මට්ටමක තිබුණු සංගම් ණය කළ පිරිස් වෙනුවෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කරන්නට දායක වූ මිනිස්සු වෙනුවෙන් ක්‍රීඩාවේ වගකීම් පවරන්නට උත්සාහ කරන අයුරු කැපී පෙනෙන්නේය.

අරුණ දර්ශනට වැරදී,වැරදි ධාවන පථය ස්පර්ශ වුව ද,රටේ ක්‍රීඩාව ගමන් කරන්නේම වැරදි ධාවන පථයේය.එය හරි ධාවන පථයට පැමිණියහොත් අරුණ දර්ශනලා,තරුශි කරුණාරත්නලා පමණක් නොව තවත් ක්‍රීඩකයෝ ද ශ්‍රී ලංකාව ගැන ලෝකයේ අවධානය සහ කීර්තිය රැඟෙන එනු ඇත.නිවැරදි දැක්මක් සහ පරික්ෂාවක් තිබුණේ නම් මෙවර ඔලිම්පික් තරගාවලියට යන ප්‍රබලම ක්‍රීඩකයා වන්නට තිබුණේ හෙල්ල වීසි කිරීමේ සූර රුමේස් තරංගය.සමහර විට සුළු සුළු අතපසුවීම් නිසා මේ ක්‍රීඩකයා සම්බන්ධයෙන් අවධානය ගිලිහී ගියා විය හැකිය.

ඒ සුළු අතපසුවීම්වලින් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයාට ලොකු අවැඩක් සිඳු වූ බව සිතා කොතැනකවත් ක්‍රීඩාවෙන් සහ ක්‍රීඩකයාගෙන් සමාව ඉල්ලන තත්ත්වයකට ක්‍රීඩාවේ බලධාරින් නම්‍යශීලී නොවන අතර ඔවුන්ගෙන් වූ වරදක් වුව නිවැරදි ලෙස භාර ගැනීමට සමාජයට බල කිරීම සිරිත වී ඇත.සමාවෙන්න යන්න ගෞරව සම්ප්‍රයුක්ත නිහතමානී වචනයක් ලෙස ඔවුන් සිතන්නේ නැත.එය මදිපුංචිකමක් ලෙස සිතන හීනමානයක් සහ අධිපති මාන්නයක් නිසා ක්‍රීඩකයා සහ පාලකයා අතර තිබිය යුතු යහපත් සම්බන්ධයා වෙනුවට ක්‍රීඩකයා තුළ නඩත්තු කරන්නේ පෞරශය බිඳුණු සැකයක් සහ බියක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan