අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කර විශ්‍රාම ගිය පී. අම්පාවිල මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුර දරන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසිනි.
ඒ අනුව, ලබන 13 වනදා නියෝජ්‍ය පොලිස්පති මණ්ඩලය රැස්වීමට නියමිත බවත් එහිදී පී. අම්පාවිල මහතාට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමක් ලබාදී කොන්ත්‍රාත් පදනම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් පත්කිරීමට අවශ්‍ය පියවර ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
පී. අම්පාවිල මහතා දක්ෂ විමර්ශන නිලධාරියෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් අයෙකි.
