ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකවීමට කැමතිනම් ඉඩක්…

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වීමට කැමත්තක් ඇති නිෂ්පාදන සහ සේවාවන් සඳහා සිය කැමත්ත ප්‍රකාශ කිරීමේ ඉඩක් ( EOI – Expression of Interest) ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.එක්වරක් එක්දින ලෝක කුසලානය ද,තවත් වරක් විස්සයි විස්ස ලෝක කුසලානයද දිනා ඇති ලොව අභිමානවත්ම ක්‍රිකට් ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග රැඳේනට සහ බැඳෙන්නට කැමති පිරිස් වෙත මෙය හොඳ අවස්ථාවක් මෙන්ම ආයෝජනයක් ද වනු ඇත.


ඒ සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහ විශ්වාසයක් සහිත ව්‍යාපාර කේෂ්ත්‍රෙය් ප්‍රකට සහ ප්‍රවීන සන්නාම බවට පත් වූ භාණ්ඩ සහ සේවා සැපයීමේ ආයතනවලට සිය සන්නාම සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකතුවීමේ කැමත්ත ප්‍රකාශ කිරීමට හැකියාව ඇත.


විනිවිද පෙනෙන සහ තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා තෝරාගත් හවුල්කරුවන්ට, 2026 සිට 2032 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සිය සන්නාමයත් සමඟ නිල නියෝජිතයින් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ඇත.
ඹිට පෙර LNW ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාගේන ද මේ සම්බන්ධව විමසා ඇති අතර එම ඇරයුම නිල වශයෙන් සිඳු කරමින් මේ මොහොතේදී ඇඳුම් පැළඳුම් මෙන්ම වෙනත් උපාංග ද ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිල සන්නාමයක් ලෙස සම සන්නාමයක් ලෙස පවත්වා ගෙන යාමට කැමත්තක් දක්වන නිෂ්පාදන සහ සේවා ආයතනවලට පුළුල් ඉඩක් ලබා දීමට නිල වශයෙන් කැඳවීමක් ලබා දි ඇත.


ඒ අනුව උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගෝලීය වෙළඳපොළ නියෝජිතයා ලෙස හෝ ප්‍රදේශ පදනම් කරගත් නියෝජිතේවයකින් හෝ යම් කාණ්ඩ පදනම් කරගත් නියෝජිතත්වයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.
ක්‍රීඩා සන්නාම බලපත්‍ර සහ වෙළඳාම, බහු-කාණ්ඩ, බහු-භූමි වැඩසටහන් කළමනාකරණය කිරීමේ මෙහෙයුම් හැකියාව සහ අදාළ වෙළඳපලවල ශක්තිමත් ජාල, යටිතල පහසුකම් සහ විකුණුම්කරුවන්ගේ සබඳතා සහ මූල්‍ය හැකියාව පිළිබඳ ඔප්පු කළ විශේෂඥතාව පෙන්නුම් කරන සංවිධානවලින් පමණක් EOIs සඳහා අපේක්ෂා කරන අතර පහත දක්වා ඇති සබැඳයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.
https://shorturl.at/T1bvx

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් ! (LIVE)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට මඳ වේලාවකට පෙර...

IMF වෙතින් ලංකාවට සහාය දීම ඇරඔුණු හැටි එළිවේ…!

අශෝක ජයතුංග අගෝස්තු 07 වොෂින්ටන් LNW : IMF හා ලංකාව මෙවර...