පා.ම. මාසික වැටුප වැඩි වෙලාද? : මන්ත්‍රී ආර්චුනා වැටුප් විස්තර වාර්තාවක් හෙළි කරයි !

රෂිකා හෙන්නායක අගෝස්තු 07 , කොළඹ LNW :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා ඉහළ ගොස් ඇති බව පවසමින්, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිය නිල ෆේස්බුක් පිටුවේ තම මාසික වැටුප් වාර්තාව (salary sheet) පළ කර තිබේ.

අර්චුනා විසින් බෙදාගත් එම ලේඛනයට අනුව, ඔහුගේ ඉන්ධන දීමනාව රු. 179,000 සිට රු. 244,000 දක්වා ඉහළ ගොස් ඇත.

එම වැටුප් වාර්තාව සමඟ පළ කළ ෆේස්බුක් සටහනක් මගින්, මෙම දීමනා වැඩිවීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් ප්‍රශ්න කළ අර්චුනා කියා සිටියේ, මන්ත්‍රීවරුන් 159 දෙනෙකු වෙනුවෙන් මෙවැනිම මුදලක් පැලවත්තේ පිහිටි ගිණුම්වලට බැර කෙරෙමින් පවතින බවයි.

පාර්ලිමේන්තුවේදී තමා කළ ප්‍රකාශ ද සිහිපත් කරමින් ඔහු පැවසුවේ, “දිගටම අත්පොළසන් දෙන්න; සත්‍යය පවසන්නන්ව හුස්ම හිරකර මරන්න,” යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රු. 60,000කින් ඉහළ දමා ඇති බව අර්චුනා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නව මාසික වැටුප රු. 484,000ක් බව ඔහු එහිදී කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...