බන්ධනාගාර තත්ත්වයන් ගැන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:බන්ධනාගාරයන්හී පවතින තත්ත්වයන් සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ පැවැත්වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

බන්ධනනාගාර තුළ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවෙදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අබව පවසන ලදී.

බන්ධනාගාර රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවෙමින් තත්ත්වයන් පාලනයට කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි එහිදී ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බව පැවසුවේය.

ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

“අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වගේම බන්ධනාගාර තුළ ඉන්න රැඳවියන්ගේත්, බන්ධනාගාරයට අදාළ සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම්පාලනයකට ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් කැඳවලා තිබෙනවා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඒ නිසා වහා වහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනවා.” යනුවෙන අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...