තායිලන්තයේ පාසලක වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 07දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
තායිලන්තයේ නොන්තබුරි ප්‍රදේශයේ Debsirin Nonthaburi පාසලේ සිදුවූ වෙඩි තැබීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් 09 දෙනෙකුගේ තත්වය බරපතල වන අතර 30 දෙනෙක් තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අගමැති අනූතින් චාන්විරකුල් විසින් අනාවරණය කර තිබේන අතර නවතම වාර්තාවලට අනුව, පාසල තුළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර, සිද්ධියට පැමිණීමට පෙර 14 හැවිරිදි සැකකාර සිසුවා සිය සීයා සහ ආච්චිද වෙඩි තබා ඝාතනය කර තිබූ බව අනාවරණය වී ඇත. පසුව ඔහු තමන්ටම වෙඩි තබාගෙන මියගොස් තිබේ.

අගමැතිවරයා සඳහන් කර ඇති පරිදි, සැකකරු තමන්ට වෙඩි තබාගන්නා අවස්ථාවේදී පවා උණ්ඩ 30කට වැඩි ප්‍රමාණයක් ඔහු සතුව තිබී ඇතැයි සඳහන් වේ.

පොලිස් විමර්ශනවලදී සැකකරුගේ සමීප මිතුරෙකුගෙන් ලබාගත් තොරතුරු අනුව, ඔහු අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දැඩි ආතතියකට පත්ව සිටි බවටද තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත්, සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතී.

අගමැති අනූතින් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය හදිසි ක්‍රියාවක් නොව, පැහැදිලි පියවර සහ පැහැදිලි අරමුණු සහිතව හොඳින් සූදානම් කළ ප්‍රහාරයක් ලෙස පෙනී යන බවයි.

වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සැකකරුගේ සීයාගේ නමින් ලියාපදිංචි කර තිබූ එකක් බවද අනාවරණය වී ඇත. එම ගිනි අවිය අප්‍රේල් මාසයේදී සැකකරු විසින් Instagram සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කර තිබූ බවටද තොරතුරු ලැබී තිබේ.

ප්‍රහාරයෙන් පසුව සැකකරුගේ නිවස පරීක්ෂා කරන තුරු ඔහුගේ සීයා සහ ආච්චි ඝාතනය කර තිබූ බව පොලිසිය දැන නොසිටි බවද වාර්තා වේ. නිවස තුළ තිබූ මළ සිරුරු සොයාගැනීමෙන් අනතුරුව එම ඝාතන පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියත් සමඟ තායිලන්තයේ ගිනි අවි පාලනය සහ පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් දැඩි අවධානයක් යොමුවී තිබේ. අගමැතිවරයා ගිනි අවි සම්බන්ධ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් ලබාදී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...