බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිදුවීමෙන් එක් මරණයක් ද කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක්ද සිදුව ඇති බවත් මේ වන විට පල්ලන්සේන රැදවියන් සිටින කදවුරේ ද කලබලයක් ඇති බවට වාර්තා වන නිසා අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සභාව දැනුවත් කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.


