ලෝක බාලදක්ෂ ජම්බෝරිය නියමිත කාල වකවානුවට පෙර අවසන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සුළි කුණාටුවක් හේතුවෙන් එහි සංවිධායකයින් නියමිත කාල වකවානුවට පෙර අවසන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට පෙර කඳවුරේ පැවති අධික උෂ්ණත්වය සහ දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් පිළිබඳව චෝදනා කරමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් මෙම ජාත්‍යන්තර ඉසව්වෙන් ඉවත්ව තිබූ අතර , දැඩි උෂ්ණත්වය මධ්‍යයේ සිය ගණනක් රෝගාතුර වී ඇති අතර, තාප විඩාව නිසා පීඩාවට පත් වූවන් අතර එක්සත් රාජධානියේ බාලදක්ෂයින් ද සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

4,500 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය කණ්ඩායම, ලෝක බාලදක්ෂ ජම්බෝරියට පැමිණ සිටි විශාලතම පිරිසවූ අතර පසුගිය සතියේ බුවාන් නගරයට නුදුරින් වූ Saemangeum හි කඳවුරු භූමියට පැමිණි නමුත් සෙනසුරාදා දැඩි උෂ්ණත්වය හා පහසුකම් අවම වීම හේතුවෙන් සෝල් අගනුවර හෝටල් වෙත මාරු කර යවා ඇති අතර , තරුණ තරුණියන් 40,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරිය ආරම්භයේ සිටම ආහාර නොමැතිකම, දුර්වල සනීපාරක්ෂාව සහ ප්‍රමාණවත් වෛද්‍ය සේවාවන් නොමැතිකම වැනි විවිධ වූ ගැටලුවලින් සමන්විත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජනපදය සහ සිංගප්පූරුව දැනටමත් ඔවුන්ගේ කණ්ඩායම් කඳවුරු භූමියෙන් ඉවත් කර ගෙන ඇති අතර, ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයින් පවසා ඇත්තේ මෙම උත්සවය පැවැත්වීම තවදුරටත් ආරක්ෂිත නොවන බව දකුණු කොරියානු රජය ඔවුන්ට පැවසූ බවයි.

ඛානුන් සුළි කුණාටුව එළඹෙන බ්‍රහස්පතින්දා දකුණු කොරියාවේ දකුණු ජියෝලා පළාතට ළඟා වනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙම උත්සවය අවලංගු කර ඇති බවත් සහභාගී වන බොහෝ දෙනා වයස අවුරුදු 14 සහ 18 අතර වයස්වල පසුවන අය බවත් සඳහන් වේ. රටවල් 155ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේ පැවැත්වීමට සූදානම් වූ ලෝක බාලදක්ෂ ජම්බෝරිය කොවිඩ් වසංගතයෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ පළමු ජම්බෝරිය වන අතර එය අගෝස්තු 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අයහපත් කාලගුණ තත්ත්වය  හේතුවෙන් මෙලෙස අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...