ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධානතම ගැටළුව හදිසි මිලදී ගැනීමයි – රවි කුමුදේශ්

Date:

සමාන්‍ය මිලදී ගැනීම සහ හදිසි මිලදී ගැනීම සමාන කරන තරමට ඇතැම් අය ඇමතිවරයාව නොමග යවලා

හදිසි මිලදී ගැනීම හේතුවෙන් විනාශ වෙන මුදල හිතනවාට වඩා අති විශාලයි

හදිසි මිල දී ගැනීම සඳහා ක්‍රමය හැසිරවීම හේතුවෙන්, සෞඛ්‍ය සේවාවම විකෘත්ති වෙලා

සාමාන්‍ය මිලදී ගැනීම සහ හදිසි මිල දී ගැනීම අතර පවතින්නේ කාලය පිළිබඳ වෙනසක් පමණක් බව, සෞඛ්‍ය ඇමති වරයා පසුගියදා ප්‍රකාශකොට තිබුණා. ඇතැම් පිරිස් සෞඛ්‍ය අමාත්‍යවරයාව කෙතරම් නොමග යවා ඇත්ද යන්න තේරුම් ගැනීමට එම ප්‍රකාශය විශ්ලේෂණය කර ගැනීම ඉතා වැදගත්.

නිසි අධ්‍යයනයක් සිදු කරනු ලැබුවහොත්, වර්තමානයේ පවතින සෞඛ්‍ය අර්බුදයේ වැඩි කොටසකට වගකිව යුත්තේ හදිසි මිලදී ගැනීම් සඳහා ක්‍රමවේදයේ ඇතිව තිබෙන විකෘතිය බව ඉතා පැහැදිලිය. ඒ හරහා අහිමිවෙන හා විනාශයට පත්වෙන පිරිවැය අප හිතනවාටත් වඩා අති විශාලය.

පසුගියදා ආන්දෝලනයට ලක්වූ සෙෆියුරොක්සීම් ප්‍රතිජීවකය හදිසි මිල දී ගැනීම හේතුවෙන් පමණක් රුපියල් බිලියනයකට වඩා විශාල මුදලක් සෞඛ්‍ය සේවාවට අහිමි වෙලා තිබෙනවා.

එම ඖෂධය සාමාන්‍ය මිලදී ගැනීමක් ලෙස සිදු කිරීමට හැකිවූවාම් එක එන්නතක් ඇ. ඩොලර් 0.18 ක පමණ අඩු මුදලකට ලබා ගත හැකිව තිබුණා.

එම එන්තෙන් මිලියන 2.5 ක ප්‍රමාණයක් මිලදී ගැනීමට පසු ගිය ජූනි මස කැඳවූ ටෙන්ඩරයට අදාලව අඩුම මිල ලංසුව ලබා දී තිබුණේ ඇ. ඩොලර් 0.21කට. දෙවැනි ලංසුව ඇ. ඩොලර් 0.80කට. ඉදිරිපත් වී තිබුණු සමාගම් කිසිවක් ලියාපදිංචී වී තිබුණේ නෑ. නමුත් අඩුම මිල ලංසුවට නොයා, දෙවන සමාගමට අවස්ථාව ලබා දීමට ඇතැම් අය උත්සාහ කලා. එය අසාර්ථක වීම නිසා ටෙන්ඩරයම අහෝසි කලා.

ජූනි මාසයේ නැවත ටෙන්ඩරයක් කැඳෙව්වා. ඖෂධ නියාමන අධිකාරිය විසින් සමාගම් තුනෙන් එකකට පමණක් ලියාපදිංචිය ලබා දී තිබුණා. තරඟකාරී අනෙකුත් සමාගම් දෙකට අදාල ලියාපදිංචිය ප්‍රමාද කර තිබුණා. නියාමන අධිකාරියේ ක්‍රමය හරහා අඩු මිල ලංසු තබන සමාගම් තරගකාරීතවයෙන් ඉවත් කෙරුණා. කලින් වතාවේ ඇ. ඩොලර් 0.80ට ලංසු තැබූ සමාගමට වෙළදපල ඒකාධිකාරියක් ලැබීම නිසා, ඔවුන්ගේ ලංසුව ඇ. ඩොලර් 2.0 දක්වා ඉහල දැමුවා. ඒ නිසා සෙෆුයුරොක්සීම් ප්‍රතිජීවක එන්නත් මිලියන දෙකහාමාරක්, එකක් ඇ. ඩොලර් 2.0ක මිලට මිලදී ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වුණා.

මෙම එන්නත සාමාන්‍ය ප්‍රසම්පාදනය යටතේ මිල දී ගත්තානම්, එක එන්නතක් ඇ. ඩොලර් 0.18ක පමණ අඩු මුදලකට මිලට ගන්න තිබුණා. එම එන්නතෙන් පමණක් ධන හානිට රුපියල් බිලියනයකට වැඩියි.

සාමාන්‍ය මිලදී ගැනීම් හරහා රු 175/- ගත හැකි ඉන්සොෆාරීන් ඖෂධය පහුගිය දවස් වල, හදිසි මිලදී ගැනීම් යටතේ අරගෙන තියෙන්නේ රු. 1000/- පමණ මිලකට. රු. 250/- කට ගන්න පුළුවන් ඉන්සියුලින් ඖෂධය, අරගෙන තියෙන්නේ රු. 1100/-කට. රු200/-ට ගන්න පුළුවන් මිරොපෙනම් අරගෙන තියෙන්නේ රු. 1950/-කට.

හදිසි මිලදී ගැනීම් වලදී මාස 6ක තොග ඉතා ප්‍රමාණවත්. මොකද සාමාන්‍ය මිළ දී ගැනීම් යටතේ 90%ක් ඖෂධ මාස 6ක් ඇතුලත ගෙන්වා ගැනීමට හොඳටම හැකියාව තියනවා. ඒ නිසා අසීමාන්තික තොග හදිසියේ මිලදී ගැනීමත් ඉතා අතාර්කික භාවිතාවක්.

මේ හරහා තුන්වෙනි පියවරේ ප්‍රතිජීවක (3rd Line Antibiotic) අනවශ්‍ය ලෙස භාවිතා කිරීමක්ද වෙන බව පේනවා. ඒ හරහා ඇතිවන ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය, නිවැරදි කල නොහැකි සෞඛ්‍ය ගැටළුවක් බවටද පත් වෙනවා.

ඒ නිසාම, මුදල් නාස්තිය, සමාගම් ඒකාධිකාරය, තොරතුරු මත පදනම්ව තිරණ ගැනීමේ ක්‍රියාවලිය අඩපනවීම, මුදල් නාස්තිය ඇතුළු සෞඛ්‍ය ප්‍රශ්ණ ගණනාවක මූල බීජය වෙච්ච, හදිසි මිලදී ගැනීම, සාමාන්‍ය මිලදී ගැනීමට වඩා වැඩි වෙනසක් නැතැයි කීම හෝ විශ්වාස කිරීම විශාල උභතෝකෝටිකයකි.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...