මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය!

Date:

කොළඹ LNW: මැලිබන් සමාගමේ සභාපති ඒ.ජී. රත්නපාල මහතාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සහ මාළිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හා මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

දිවංගත මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ.ජී.හින්නිඅප්පුහාමි මහතා සහ එම පවුල මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ ප්‍රමුඛතම දායකයෝ වූ බවත්,1960 සිට සෑම මාසයකම 12 වෙනදා අග්‍රශ්‍රාවක මහා විහාරයේ දානමය පුණ්‍ය කර්මය සිදු කළේ එම පවුල විසින් බව ද නා හිමියෝ පෙන්වා දෙති.

අප ගුරුදේවෝත්තම හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමිපාණන් වහන්සේ කොතැනක වැඩ සිටියත් සෑම මකම දොළොස් වෙනිදා මැලිබන් නිවසේ දානය පිළිගැනීමට නොවරදවාම සහභාගිවීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරයට වැඩම කිරීම උන් වහන්සේ අපවත් වන තුරුම නොකඩවා සිදුකළ බව බානගල නා හිමියෝ පවසති .

අග්‍රශ්‍රාවක මහා විහාරස්ථ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කිරීමට පූර්ණ දායකත්වය දැක්වූයේ ද හින්නි අප්පුහාමි මහතා ප්‍රමුඛ මැලිබන් පවුලයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ සෑම කටයුත්තකදීම නොපිරිහෙලා ප්‍රමුඛත්වය ගැන කටයුතු කළ මැලිබන් පවුලේ වත්මන් මහා වෘක්ෂය වූ ඒ.ජී.රත්නපාල මහතාගේ අභාවය රට දැය සමය පිළිබඳ ආදරයක් ඇත්තා වූ සියලු දෙනාගේ ශෝකයට හේතුවක් බව ද එබැවින් අප සියලු දෙනා එක්ව රත්නපාල මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු යයි උන් වහන්සේ ඉල්ලා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...