*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

යැව්වොත් පනිනවා – නැත්නම් ගෙදර ඉදන් බලනවා – උෂාන් තිවංක පෙරේරා

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාලාභි උෂාන් තිවංක පෙරේරාට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන්නට ලැබුණේනම් බොහෝ විට පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව තිබිණ.ඒ සහභාගීත්වය ඔහුටත්,එයින් රටට ලැබෙන්න තිබුණ කීර්තිය රටටත් අහිමි වුණේ කා නිසාද යන්න පිළිබඳව විවිධ කතා ඇසෙමින් පවතියි.
ඔයා යන්න අකමැතියි කිව්වද?
මිමිණුම් ස්වරයෙන් ඇතැම් අය මුමුණන මේ ගැන අපි කෙළින්ම උෂාන්ගෙන් විමසුවෙමු.
නැහැ මම යන්න හිටියෙ.ඒත් මගේ ඩොකියුමන්ට් ලංකාවෙන් වෙලාවට හැදිලා නැහැ.ඒ නිසා වීඩා ගැටළුවක් ආවා
උෂාන් තව ප්‍රශ්න අසන්නට නොතබාම පැවසුවා.
මේ අතර මෙහි තව කතාවක කියවෙන්නේ උෂාන් තිවංකට යෑමට අවශ්‍යය පහසුකම් ජාතික ඔලිමිපික් කමිටුව සකස් නොකළ බවයි.ඒ සම්බන්ධයෙන් “අපි ඔහු අරගෙන යන්න සූදානම්.මලල ක්‍රීඩා සංගමය ඔහු නොයන බවවත් හරියට පැවසුවේ නැහැ.” අවසානයේ නැවත උෂාන්ගේ ප්‍රශ්නය ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් විසින් මලල ක්‍රීඩා සංගමය වෙත හරවා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පිටත් වුණේය.
ඇත්තටම පදක්කමක් ගැන විශ්වාසය තැබිය හැකි පිරිමි උස පැනීමේ ඉසව්ව මලල ක්‍රීඩා සංගමයෙන් උෂාන් සම්බන්ධයෙන් විය යුතුව ඇති කාරණා සිදු කර ඔලිම්පික් කමිටුවට දුන් පසු ඔලිම්පික් කමිටුව එය මඟ හැර සිටියාද?නැතිනම් ඔලිම්පික් කමිටුව වෙත ප්‍රශ්නය නොපැමිණියේ ද?
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩ කිරීමට උවමනා ඇත්තෙක්නම් ශ්‍රී ලංකාවට හිමි විය හැකි බවට ඉඟි පළ වුණු පදක්කම මෙරට දමා යන්නට සිදු වූයේ ඇයිද යන්න රටට හෙළි කළ යුතුය.ඒසඳහා අවශ්‍යය වන්නේ ඔවුන් උෂාන් සමබන්ධයෙන් කටයුතු කළ අයුරුය.ඒ සියල්ල දින වකවානු සමඟ නොමැකී ස්වීය ආයතනික ලිය කියවිලිවල තිබිය යුතුය.ක්‍රීඩා අමාත්‍යවරයාට තියෙන්නේ රටට ඒ අසාධාරණය කළ පුද්ගලයන්ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සුදුසු ක්‍රියාමාර්ග ගැනීමය.
ඉස්සරහට එෂියන් ගේම් හෙම…..?
උෂාන්ගෙන් අවසාන වරට විමසා සිටියේය.
බලමු ඇරියොත් පනිනවා.නැත්නම් ගෙදර ඉඳන් තරඟ බලනවා.
ඒ උෂාන්ගේ පිළිතුරය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan