*
Friday, March 29, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 35: සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් බඳු හාර මාසයක් !

මෙය ලියන්නේ ශ්‍රී ලංකාවේ සිට, අගෝස්තු අට. දෙදහස් විසි දෙකේ අගෝස්තු නවය හෙට.

ගෙවුණු හාර මාසය ලියුම්කරුගේ දේශපාලන ජීවිතයේ වටිනාම පරිච්ඡේද අතර ඉහළින්ම. ඔව් එහෙම තමයි. දේශපාලනය කියන්නේ සමහර මනුෂ්‍ය සන්තානවල දිදුළන හඹා යෑම. නිම්නැති නිම්නය. කැළඹෙන ගඟුලැල්ල. දිළිසෙන කඳුළැල්ල. ප්‍රමුදිත හසරැල්ල. ලොවක් අමතන භාෂාව. නොවක් නොනිවෙන ආශාව. ඉතින් මේ තීරුව චින්න චින්න ආසෛ. ඒත් ගෙවුණු සිව් මසේ ලැබුණු අද්දැකීම චින්න නෙමෙයි රොම්බ. ඒ අද්දැකීම ගෙන ආවේ ජීවගුණයේ සූර්යාලෝක කදම්භ. ඒ හැඟුම මෙසේ අක්ෂර කරම්හ.

වසර දස දහස් ගණනක් නොනැවතී ගොස නැගූ ඉන්දු සයුර පවා නිශ්ශබ්දව වික්ෂිප්තව මේ සිව් මසේ බලා සිටියේ ලංකා දූපතේ ජනගොස දෙස. ඕසෝන් වියන යට නිමැවුණු  `වෝ සෝන්`  ලක්ෂ ගණනක් ඉතිහාසයේ පිටු අතර ලියැවී ඇතත්, මේ නිරායුධ යුද්ධය විශේෂයි. ජාතිය ආගම ගෝත්‍රය මුල් කරගෙන ගල් යුගයේ පටන් සිදු වූ බොහෝ ලේ වැකි අරගල; ජාති – ආගම් – කුල – ලිංගිකත්ව – පක්ෂ සීමා ඉරාගෙන උත්තුංග මනුෂ්‍යත්වයේ අහස් ගව්වට නැගි මේ අසිරිමත් අරගලය ගාවදි ඒ පැරණි බොහෝ පරිච්ඡේද අවශේෂයි.

හිතන්නෙපා හෙටින් පසුත් පාළු වෙයි කියා ගාලුමුවදොර. ඒ වාතලයේ පිරී ඇති පවුල්වාදී රෙජීමයක දළ කැඩූ සටන් පාඨ, ඒවා  රාව ප්‍රතිරාව දෙයි තව වසර දහස් ගණනක් යනතුරුම. ෂැන්ග්‍රීලා සෙවණැල්ල යට භූමියේ හැංගිලා තියේවි, මිනිස් ආදරයේ කොමියුනිස්ට් මතක. ලිබරල් නවරැල්ලේ නිවහල් මතක. සර්වපාක්ෂික සාමුහිකත්වයේ නිර්පාක්ෂික මතක. රෝම ගෘහ නිර්මාණ ආකෘතියට තැනූ පරණ පාර්ලිමේන්තුවට පවා නිතරෝම මතක් වේවි අලුත් පරම්පරාවක නිර්ව්‍යාජ සටන්කාමීත්වයක පහස. අන්න ඒකම තමයි මේ ලස්සන අරගලයේ රහස.

මිනිස්සු මොනවද නොගෙනාවේ මෙතැනට ? කෑම, වතුර, සනීපාරක්ෂක පහසුකම්, ඉඳුම් හිටුම් පහසුකම්, ඇඳුම් පැළඳුම්, සටන් පාඨ, පුස්තකාල, සිනමාගාර, කලාගාර, නාට්‍ය වේදිකා, ආදරය, දේශපාලනය, මතවාද, සංවාද, සංකල්ප, නිර්මාණශීලීත්වය, කායික මානසික ශ්‍රමය, දැනුම, දෙස් විදෙස් ප්‍රගතිශීලී මිනිස් සම්බන්ධතා, නවීනත්වය, ප්‍රවීණත්වය, ඉතිහාසය, කලාව, සෞන්දර්යය, අධ්‍යාපනය, නීති උපදේශනය, සෞඛ්‍ය ප්‍රථමාධාර, ස්මාරක, කාබනික ගොවිතැන….. මට කියන්න මොනවාද නොතිබුණේ එතැන.? ඒ එකක්වත් එකෙක්වත් ගෙනාවේ `මට` කියා නොවෙයි. ඒ හැමෝම හැමදේම ගෙනාවේ `අපිට`.

මමය මාගේය වෙනුවට බහුජන හිතාය බහුජන සුඛාය කියනකොට හිටියා එතැන බුදුන්. මර්දනයේ කුරුස ගහේ තබා ඇණ ගසද්දීත් මුළු ලෝ තුරුලට වඩන්නට දෑත විහිදනකොට හිටියා එතැන යේසුස්. අසීමිත දයානුකම්පාව එකිනෙකා අතර හුවමාරු වන විට හිටියා එතැන මහම්මත්. කාරුණිකත්වයත් ඉවසීමත් නිරන්තරයෙන් අභ්‍යාස වන විට හිටියා එතැන ශිව. ඔව් ඔබ දැනගත යුතුයි එය. කුඩුය බඩුය නඩුය හඩුය රොඩුය බොඩුය අරකය මේකය කියා අවලාද පිට අවලාද නැගෙද්දිත් – අපහාස පිට අපහාස කෙරෙද්දිත්, මේ ඇත්ත ලියා තබන්නේ ඒ මනුෂ්‍ය කුලකයට සාධාරණයක් වෙන්න ඉතිහාසය තුළ.

හාර මාසයක සාර මතකයන් හාරවුස්සනකොට, හාරපන්සීයක් වචන කොහොමත් මදි ඒ ඔක්කොම සටහන් කරන්න. විචාරය කළයුතුයි නිවැරදිව, ආපසු හැරී බැලිය යුතුයි නිරවුල්ව, විශ්ලේෂණය කරගත යුතුයි පුළුල්ව, දිනපු තැන් – පැරැදුණු තැන්, හරියටම හරිගිය තැන වගේම දරුණු ලෙස වැරැදුණු තැන් හඳුනාගත යුතුයි හරියටම. අන්න එතකොටයි හැකි වෙන්නේ අනාගතයට ඉතුරු කරන්න පාඩම් පොතක් ලස්සන. ඉතින් ප්‍රිය පාඨකය, “අරගලය ඉවර නෑ – දිනනතුරු හැරෙන්නෑ“ කියා කියනවා අරගල භූමිය. භූමියෙන් එපිටට මුළු රටටම අලුත් වැස්සක් වගේ වහින්නට ලෑස්තියි අරගලය.

ඉතින් මේ ලිව්වේ වෙන මොකක්වත් නෙමෙයි, අහස් ගඟක සුළං පොදක් වීමේ සතුට. උයන් තෙරක තණ දල්ලක් වීමේ සතුට. උදම් රළක දිය බිඳුවක් වීමේ සතුට!

– විමල් කැටිපෙආරච්චි  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan