*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්න – එජාප ක්‍රියාකාරිකයන් රනිල්ගෙන් ඉල්ලයි

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීම් රැසක් ලැබී තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇති බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් බවයි වාර්තා වන්නේ.

අර්බුදයක් අවස්ථාවකදී ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට වසර ගණනාවක අත්දැකීම් තිබෙන බවත්, එහෙයින් ආර්ථිකය ගොඩනැංවීම සඳහා ඊටත් වඩා සුදුසු පුද්ගලයෙකු නොමැති බවත් එජාප ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

යහපාලන ආණ්ඩුවේ මුල් භාගයේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඉන්ධන මිල පහත දැමීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශාල ප්‍රමාණයකින් එකවර ඉහළ දැමීම ඇතුළු සහන රැසක් ලබාදුන් අතර වර්තමානයේදී දැඩි දුෂ්කරතා අත්විඳිමින් සිටින ජනතාවට සහන සැළසීමට කරුණානායක මහතාට හැකිවනු ඇති බවද එජාප ක්‍රියාකාරීන් පවසා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූ සැනින් ආර්ථිකයට සම්බන්ධ උපදේශක තනතුරක් රවී කරුණානායක මහතා ලබාදීමට සූදානම් වූ නමුත් එජාප ප්‍රබලයකුගේ මැදිහත්වීම මත එය කල්දැමීමට තීරණය කර ඇති බවටද වාර්තා විය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan