*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

කාන්තා භාර නිලධාරිණිය වයසයි කියා පනියි

නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා අනේක විධ දුෂ්කරතාවලට මුහුණ දී කොළොඹ්ඹියාවේ පැවති ලෝක කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තිදෙනෙක්ට කොවිඩ් රෝගය ආසාධනය වූ පසු එහි ක්‍රීඩිකාවක්ද සිටියදී කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණයගේ භුමිකාවට පන දුන් පුහුණුකාරීණි භද්‍රා ගුණවර්ධන සිය වයස හේතුවක් සේ දක්වා කණ්ඩායම අතහැර ශ්‍රී ලංකාවට පිටත් වි ඇත.ඇය 73 හැවිරිදිය.ඇය මේ සඳහා සහභාගි වූයේ බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දුර පැනීමේ ඉසව්වට සහභාගි වන්නට නොහැකි වූ හිරුෂ හෂේන්ගේ පුහුණුකරු ලෙස වන අතර හිරුෂ ද කොවිඩ් රෝගයට ගොදුරු වූ තිදෙනාගෙන් අයෙකි.අනෙක් දෙදෙනා වන්නේ තරුෂි කරුණාරත්න සහ කවීශ බණ්ඩාරය.මේ අතරින් තරුෂිට ද බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා සිය ඉසව්වට සහභාගි වන්නට නොහැකි විය.

අධ්‍යාපන අමාත්‍යංශයේ 2004/29 චක්‍රලේඛයට අනුව පාසල් ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකට සහභාගි විමේදි අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරුවරියක් එම කාන්තා කණ්ඩායම භාර නිලධාරිණිය ලෙස එක් විය යුතු නමුත් මලල ක්‍රීඩා සංගමය ඒ උපදෙස් කණ්ඩායම නම් කිරීමේදි පැහැර හැර ඇත.එහිදී ඒ වගකීම පැවරූ නිලධාරිණිය ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ධූරයක් දැරූ විශ්‍රාමික භද්‍රා ගුණවර්ධන යොදන්නට මලල ක්‍රීඩා බලධාරීන් තීරණය කර ඇත.
භද්‍රා ගුණවර්ධනගේ සැමියා වන සුනිල් ගුණවර්ධන ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පුහුණුකළ අති විශිෂ්ඨ පුහුණුකරුවෙකි.එමෙන්ම ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග නියෝජනය කිරිමේ භාග්‍යය ලද කෙටි දුර ධාවකයෙකි.මේ වන විට ඔහු විශ්‍රාම සුවයෙන් සිය දැණුම අලුත් පරම්පරාවට ස්වේච්ඡාවෙන් ලබා දිමේ සූදානමින් සිටින අතර වයෝවෘද්ධ මලල ක්‍රීඩා පරිපාලනය ද තරුණයන් අතට පත් විය යුතු බව ප්‍රකාශ කරන්නෙකි.

නමුත් ඔහුගේ 73 හැවිරිදි බිරිඳ මේ සංචාරයට පුහුණුකාරියක ලෙස එක් කරන්නට මලල ක්‍රීඩා සංගමය තීරණය කිරිමෙන් සුනිල් ගුණවර්ධනගේ ප්‍රතිපත්ති යම් අභියෝගයකට සහ හාස්‍යයට ලක් කරන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇති බව දැකිය හැකිය.නමුත් තීරණාත්මක මොහොතේදී භද්‍රා ගුණවර්ධන සමඟ සිටගත් මලල ක්‍රීඩා බලධාරීන් ද භද්‍රාව වගකීමෙන් නිදහස් කිරීම සඳහා අනුකම්පා පෙරදැරිව කටයුතු කර ඇත.කණ්ඩායමට කළමණාකරු ලෙස එකතු වූ සුසන්ත ප්‍රනාන්දු අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන බැවින් මෙහිදි වෘත්තිමය වශයෙන් යම් අභියෝගයකට මුහුණ දෙන අතර ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයෙන් බැහැරව මානුෂීය කටයුත්තකට මැදිව සිටියත් රාජකාරිමය වශයෙන් ගැටළුවකට මුහුණ දීමට ඉඩ ඇත.
එසේම සංචාරයට පෙර ද ඇති වූ ගැටළුකාරී තත්ත්වයේදි ක්‍රීඩකයින් දෙදෙනෙක් තනිව කොළොම්ඹියා කරා පිටත් කර යවන්නට උත්සාහ කළ අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යංශය ලිඛිතව පාසල් ළමුන් එසේ යැවීමට නොහැකි බව අදාළ චක්‍රලේඛය උපුටා දක්වමින් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාටම දන්වා යවා ඇත.(ඒ ලිපියද මේ සටහනට ඇතුළත් කර ඇත.)
නමුත් කොළොමඹියානු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පැනමාව දක්වා ක්‍රිඩකයින් තිදෙනෙක්ට සහ ක්‍රීඩිකාවකට තනිව ගමන් කරන්නට සිඳුව ඇති බවය.ඒ සිය වයස සළකා වෛරසය ඇති ස්ථානයෙන් ඉක්මණින් ඉවත්විමට භද්‍රා ගුණවර්ධන තිරණය කිරීම නිසාය.මේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් තවමත් පාසල් යන වයසේ පසුවන අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට යටත්ව සංචාර සඳහා යොදවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.මලල ක්‍රීඩා සංගමය අතින් මේ උල්ලංඝණය වෙමින් පවතින්නේ එවැනි නිතිමය සාධකය.

මානුෂිකව සළකා බලන්නේනම් භද්‍රා ගුණවර්ධන කොවිඩ් ආසාධනය වි ඇති ස්ථානයෙන් ඉක්මණින් ඉවත්ව යා යුතුය.මන් ද වයස ද කොවිඩ් බලපෑම දරුණු විමට බලපාන සාධකයක්ය.නමුත් ඇය මේ සංචාරයට එක්වන්නේ කොවිඩ් ලොව පුරා හිස ඔසවමින් තිබෙන බව නොදැන විය නොහැකිය.කොළොම්ඹියා ගමණ කෙතරම් අවදානම් ද යන්න ඇයට මේ සංචාරය වෙනුවෙන්ම කහ උණ රෝගයට එන්නත් කිරිමට සිදු වූ අවස්ථාවේම තේරුම් යා යුතුය.මේ තත්ත්වය මලල ක්‍රීඩා සංගමයද ක්‍රීඩා අමාත්‍යංශයද නොදන්නේ නොවේ.
නමුත් රටේ ආර්ථික ගැටළු හමුවේ නමනීය වෙමින් භද්‍රා ගුණවර්ධනට මේ වගකිම පැවරිම වඩාත් වැරදි වන්නේ ඇය මේ මොහොතේ කිහිපාකාරයකින් වගකීම පැහැර හැර ඇති නිසාය.ඒ වැරදීමට ඇති හේතු නිර්මාණය වන්නේ මලල ක්‍රීඩා සංගමය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය ද ඒ සඳහා නීතිමය තත්ත්වයන් නොසළකා අවසර දි ඇති නිසාය.පළපුරුදු නිලධාරීන් හැටියට මේ තත්ත්වය නොදැන සිටියා කියන්නට ඒ කිසිවෙකුට නොහැකිය.කොළොඹ්ඹියා ගමන ආරම්භයේදී සිඳු වූ වැරදි සඳහා ක්‍රීඩා ඇමතිවරයා ගනු ලබනවා යැයි කියූ තවමත් ක්‍රියාත්මක නොවූ කරුණු අතරට මේ සම්බන්ධ කරුණුද එකතු වීමට ඉඩ ඇත.නමුත් රටේ ජනතාවගේ බදු මුදලින් සිඳු කරන මෙවැනි ක්‍රීඩා සංචාර සඳහා සහභාගිවන සහ ඊට අනුමැතිය දෙන පිරිස් කෙතරම් ඒ සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කරන්නේදැයි ජනතාව දැන ගත යුතුය.

නිලධාරින්ගේ වගකීම එසේ වන අතර මේ වන විට එරට නැවති සිටින රෝගී දරුවන් තිදෙනාට සහ සුසන්ත ප්‍රනාන්දු හෝටලයේ බිල් ගෙවිම සහ ආහාර වියදම සම්බන්ධයෙන් ගැටළුකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙයි.එසේම පීආර්සී පරීක්ෂණ සඳහා ද නිතර යොදා ගතහොත් එය ද ගැටළුවකි.ආහාර උදෑසනට පමණක් නවාතැනෙන් ලබා දෙන බැවින් ඉතිරි ආහාර පිටතින් ලබා ගැනීමට සිඳු වේ.විශේෂයෙන්ම කාලි නුවර රාත්‍රී තත්ත්වය ද යහපත් නොවන තත්ත්වයක බැහැර ගොස් අඩුවට කෑම සෙවීම තවත් තර්ජණයක්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan