*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

වික්‍රමසිංහ රාජපක්ෂ වුණාට පස්සේ අන්තර් කාලීන කතා ඔක්කොම ඉවරයි – හදුන්නෙත්ති (VIDEO)

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පසු ඔහුගේ සර්වපාක්ෂික කතා අවසන් වී තිබෙන අතර දැන් පවතින්නේ අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

එම පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවේදීයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලයත් තහවුරු කරගෙන ණය ගන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා මිස ජනවරමක් සඳහා ඉඩ හදන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් නොමැති බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් මේ වන විටත් ආණ්ඩුවක් සාදා පසුව සර්ව පාක්ෂික ආණ්ඩු ගැන කතා කිරීමෙන් පලක් නැති අතර සර්වපාක්ෂික අටමගලයට තමන් නියෝජනය කරන කණ්ඩායම සම්බන්ධ නොවන බවත් එම ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා ඉදිරියට යා හැකි බවත් හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර ආණ්ඩුව මැතිවරණයකට සූදානම් නැති බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් හදුන්නෙත්ති මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන්දෙනාට හැර අනෙකුත් බොහෝ මන්ත්‍රීවරුන්ට මැතිවරණයකට යාමේ වුවමනාවක් නැති බවයි.

”හැබැයි රටේ ජනතාවට ඒ වුවමනාවක් තිබෙනවා. මහජන නැගිටීමකින් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් එලෙව්වාට පස්සේ මේ තියෙන්නේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ අයින් වුණාම ඒ ජනවරම දැන් අහෝසියි. මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය අයින් වුණාම ඔවුන්ට තිබුණු ජනවරම අහෝසියි. තනි මන්ත්‍රීවරයෙක් හැටියට රනිල් වික්‍රමසිංහට ජනවරමක් තිබෙන්නේ කොහොමද? ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රී කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ජනතාව අකමැති නායකයෙක් රටේ තියාගෙන රටක් ඉස්සරහට ගෙනයන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ ජනවරමට අවස්ථාවක් දෙන්න කියලා.”යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan