සටහන – රුවන් නෙළුගොල්ල
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.
ඒ අනුව, 2020 අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමේ විශේෂ පොලිස් පණිවිඩය ඊයේ (07) දිනයේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර ඇත.
තමන්ට 2020 වසරේ සිට හිමිවිය යුතුව තිබූ නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබානොදීමට එරෙහිව ශානි අබේසේකර මහතා විසින් පරිපාලන අභියාචනා විනිශ්ච්යාධිකාරයට ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කර පසුගිය මැයි 13 වනදා ලබාදුන් තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම උසස්වීම ලබාදී තිබේ.


