ව්‍යාපාරිකයකුට ලිංගික හිරිහැර කරමින් පහරදීලා – පොලීසියේ ඉහළම ලොක්කෙක් ගැන විමර්ශනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ව්‍යාපාරිකයෙකු අත්අනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නිරුවත් කොට ලිංගික හිරිහැරවලට භාජනය කර අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මිශාර රණසිංහ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (08) කැඳවූ අවස්ථාවේදී ය.

පෙත්සම විභාගයට ගැනීම අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජාතික පොලිස් කොමිසමට ද නියෝග කළ අතර මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවට බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද නියෝග කළේය.

පොලීසියේ සිටින ජ්‍යේෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08දෙනා අතුරින් එක් අයෙකු වන රන්මල් කොඩිතුවක්කු උසස් පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන ආකාරයෙන් මෙලෙස අමානුෂික ආකාරයෙන් කටයුතු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

පෙත්සම 2025 මාර්තු 04 වනදා යළි කැඳවීමට නියම කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ...

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...