අපට චෝදනා කිරීම විහිළුවක් – ලාල්කාන්තගේ ප්‍රකාශය ගැන අනුර දුන් උත්තරය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අරගල සමයේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ ප්‍රයත්නයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) මාධ්‍ය වෙත පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය – දැන් මේ ලාල්කාන්ත සහෝදරයාට එල්ල වෙලා තියෙන චෝදනාව සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ ?

“දැන් අපි කවුරුත් පිළිගන්නවා ඒ පාර්ලිමේන්තුවට ජනතා මතයක් නොතිබුණු බව. අපේ අදහස වුණේ ඒ අරගලය තුළ ජනතාවගේ තියෙන අපේක්ෂාව නව පාලනයක් නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට අවස්ථාවක් දිය යුතුයි කියන දේශපාලන මතයයි. සැබෑ ප්‍රජාන්තන්ත්‍රවාදයට තිබෙන තර්ජන යටපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නඟන අප දෙසට ඇඟිල්ල දිගු කිරීම තරම් විහිළුවක් තවත් නෑ කියලා අපි හිතන්නෙ”

ප්‍රශ්නය – එතුමා දිගින් දිගටම කරන ප්‍රකාශ හරහා ජාතික ජන බලවේගයට හානියක් වෙලා නෑ කියලා ඔබතුමා පිළිගන්නවද ?

“දැන් ඔබ වුණත් මේ සාකච්ඡාවේදී මෙහෙම ප්‍රශ්න අහන්නෙ එහෙම ප්‍රකාශයක් සිදුවුණු නිසා. ඒ නිසා අපේ පැත්තෙන් අපි ප්‍රවේශම් විය යුතුයි කියලා අපි හිතනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ...

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...