හරීන්ගේ සහ මනූෂගේ සජබ පක්ෂ සාමාජිකත්වය අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

0
442

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.