අපි ගොඩඑනවා නම් එන්නේ IMF නිසා.ඒ නිසා ඒ ගිවිසුම රැකගන්න ඕනේ – ජනාධිපති

Date:

කොළඹ LNW:රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වන විට 17 වතාවක් IMF ගිවිසුම් කඩා තිබෙන පසුබිමක මෙවරත් එයම සිදුකළ හොත් නැවත ඔවුන්ගේ සහයක් නොලැබෙන බව පවසා තිබෙන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

යළි එය කඩා දැමුව හොත් නැවත අපට පෝලිම් යුගයකට යාමට සිදුවන බවද ජනාධිපතිවරයා කියාසිටියි.

”මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ පෝලිම් යුගය ගැන. මම අලුතෙන් කියන්න ඕනේ නැහැ ඔබ වින්ද දුක. දවස දෙකක් තුනක් හතරක් පෝලිමේ හිටිය හැටි. දැන් අපි ඒකෙන් ගොඩ එනවා. අපි ගොඩ එනවා නම් ගොඩ එන්නේ IMF සංවිධානයත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. අපිට IMF සංවිධානයෙන් ණය දෙන රටවල්වලින් සහනයක් ලැබිල තියෙනවා. ඒ සහනය අරගෙන ගිවිසුම ආරක්ෂා කරගෙන යන්න ඕනේ. අපි ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් අපි ආපහු පෝලිම් යුගයකට යනවා. ආපහු අපට උදව් කරන්න රටවල් එන්නේ නැහැ. අපි 17වතාවක් IMF ගිවිසුම් කඩල තියෙන්නේ. මට කිව්වේ 18 වෙනි වතාවේ කැඩුවොත් නම් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල. පළමු වතාවට ඒ කරුණු නීතියකට ඇතුල් කරලා තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අන්න ඒ පසුබිමින් අපිට වැඩ කරන්න තියෙන්නේ. මේ ගිවිසුම පදනම් කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ මීට වඩා තරඟකාරී ආර්ථිකයක් ඇතිකරන්න,අපනයන ආර්ථිකයක් ඇති කරන්න නවීන ආර්ථියක් ඇතිකරන්න.මෙහෙම ආර්ථික ඇති කරන අවස්ථාවේදී අපිට සාමාන්‍ය ජනතාව අමතක කරන්න බැහැ. පෝලිම් යුගය ඇති වුණාම, අඟහිඟකම් ඇතිවුණාම බර දරන්නේ සාමාන්‍ය ජනතාව. නමුත් ආර්ථිකය දියුණු වෙලා එන අවස්ථාවේදී මහජනතාවට නෙවෙයි වැඩිම වාසිය ලැබෙන්නේ. අන්න ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියල මම විශේෂයෙන් තීරණය කළා.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එයාර් ඉන්දියා ගුවන් යානයේ ඛේදවාචකය; මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජුනි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර ඉන්දියාවේ අහමදාබාද්හිදී...

දේශගුණික හරිතකරණයට සහය නොදක්වන බවට විලාසිතා දැවැන්තයින්ට චෝදනා

සටහන: සශිකලා මධුෂාණිජුනි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය ඇඟලුම් නිෂ්පාදනයෙන්...

එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට! ඡායාරූප සහිතයි! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා ගුවන්...

පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරු!

කොළඹ LNW:පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව...