ඛාන් යූනිස් වෙත ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාර

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා නගරයක් වන ඛාන් යූනිස්හි පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින පාසල් දෙකක් වෙත පැය කිහිපයක් තුළ ගුවන් ප්‍රහාර 30ක් පමණ දියත් කර ඇති බව වර්තා වේ.

ඒ අනුව පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාර හමාස් සහ හිස්බුල්ලා නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂිත පළිගැනීමේ ප්‍රහාරයන් මධ්‍යයේ කලාපීය ආතතිය උත්සන්නව පවතින අවස්ථාවක දියත් කර තිබේ.

මේ වන විට එක්සත් ජනපදය, කටාර් හා ඊජිප්තුව විසින් සටන් විරාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කයිරෝවේ හෝ දෝහාහි යෝජිත සාකච්ඡාවලට සහභාගි වන ලෙස ආරාධනය ඊශ්‍රායලය පිළිගෙන ඇති අහාර හමාස් සංවිධානය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.

ඊශ්‍රායල් වැසියන් 1,139ක් මිය ගොස් 200කත අධික පිරිසක් වහල් භාවයට ගෙන ගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය දියත්කළ ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 39,699 ක් මිය ගොස් 91,722 ක් තුවාල ලබා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...