ඛාන් යූනිස් වෙත ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාර

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා නගරයක් වන ඛාන් යූනිස්හි පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින පාසල් දෙකක් වෙත පැය කිහිපයක් තුළ ගුවන් ප්‍රහාර 30ක් පමණ දියත් කර ඇති බව වර්තා වේ.

ඒ අනුව පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාර හමාස් සහ හිස්බුල්ලා නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂිත පළිගැනීමේ ප්‍රහාරයන් මධ්‍යයේ කලාපීය ආතතිය උත්සන්නව පවතින අවස්ථාවක දියත් කර තිබේ.

මේ වන විට එක්සත් ජනපදය, කටාර් හා ඊජිප්තුව විසින් සටන් විරාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කයිරෝවේ හෝ දෝහාහි යෝජිත සාකච්ඡාවලට සහභාගි වන ලෙස ආරාධනය ඊශ්‍රායලය පිළිගෙන ඇති අහාර හමාස් සංවිධානය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.

ඊශ්‍රායල් වැසියන් 1,139ක් මිය ගොස් 200කත අධික පිරිසක් වහල් භාවයට ගෙන ගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය දියත්කළ ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 39,699 ක් මිය ගොස් 91,722 ක් තුවාල ලබා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...