පෙරහැර මංගල්‍ය නිමා කරමින් දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී!

Date:

කොළඹ LNW:ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් රන්දෝලි පෙරහැරින් අනතුරුව දිය කැපීමේ මංගල්‍යය අද (09) අලුයම ගැටඹේ දිය කපනා ගං තොටේදී සිදුවිය.

අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරයෙන් පසු පෙරහැර කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගංතොට වෙත ගොස් අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකරයි.

මෙම චාරිත්‍රය සිදුවන අවස්ථාවේ ගැටඹේ මහවැලි ගංතොටට අති විශාල ජනතාවක් සහභාගී වන අතර මෙම සිරිතට සහභාගී වීමෙන් අපල උපද්‍රව දුරු වෙතැයි ජනතාව විශ්වාස කරති.

දිය කැපීමේ චාරිත්‍රෙයන් අනතුරුව එම පෙරහර නැවත සිව් මහා දේවාල මහනුවර කටුකැලේ පුල්ලෙයාර් කෝවිල වෙත පැමිණ ආගමික චාරිත්‍ර සිදු කරයි.

ඉන්පසුව අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් පස්වරු 02 පසුව විනාඩි 16 ට එළඹෙන සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වන අතර පෙරහැර ඉතා සාර්ථකව නිමකළ බවට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා හට පෙරහැර සංදේශය භාරදීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව