පෙරහැර මංගල්‍ය නිමා කරමින් දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී!

Date:

කොළඹ LNW:ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් රන්දෝලි පෙරහැරින් අනතුරුව දිය කැපීමේ මංගල්‍යය අද (09) අලුයම ගැටඹේ දිය කපනා ගං තොටේදී සිදුවිය.

අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරයෙන් පසු පෙරහැර කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගංතොට වෙත ගොස් අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකරයි.

මෙම චාරිත්‍රය සිදුවන අවස්ථාවේ ගැටඹේ මහවැලි ගංතොටට අති විශාල ජනතාවක් සහභාගී වන අතර මෙම සිරිතට සහභාගී වීමෙන් අපල උපද්‍රව දුරු වෙතැයි ජනතාව විශ්වාස කරති.

දිය කැපීමේ චාරිත්‍රෙයන් අනතුරුව එම පෙරහර නැවත සිව් මහා දේවාල මහනුවර කටුකැලේ පුල්ලෙයාර් කෝවිල වෙත පැමිණ ආගමික චාරිත්‍ර සිදු කරයි.

ඉන්පසුව අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් පස්වරු 02 පසුව විනාඩි 16 ට එළඹෙන සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වන අතර පෙරහැර ඉතා සාර්ථකව නිමකළ බවට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා හට පෙරහැර සංදේශය භාරදීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...